සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියපු කෙටි කතාවක්.. නම් ගම් හැර සියල්ල සත්‍ය සිදුවීම් ය..
❤❤❤ පෙරවදන... ❤❤❤
ලස්සනට ගලාගෙන ගිය ආදර කතාවක්.. සමාජයෙ මුල් බැහැගත්ත අන්ද විශ්වාස නිසා දෙපැත්තකට වෙලා දුක් විදින කදුලු කතාවක්. කතාවේ කතා නායකයට අහම්බෙකින් හරි මේ කතාව දකින්න ලැබෙන්න කියලා බලාපොරොත්තුවෙන් තමයි මේ කතාව දාන්නේ.. කතාව කියවන ඔයාලත් හිතුන දේ ගැන comment එකක් මතක් කරලම දාගෙන යන්න..
හදහනෙන් කියවෙන දේ.. ... ඇත්තද ? බොරු ද?
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙
🧒 හෙලෝ...
👩 කවුද කතා කරන්නේ..
🧒 අදුර ගන්න බැරිද මාව?
👩 බෑ... කවුද කියන්න..
🧒 මැට්ටි ... මං ඊයේ ලංකාවට ආවේ.. ඔයාව surprise කරන්න හිතන්.. කෝ ඉතින් ඔයාට මාව මතක නෑනේ..
👩 දෙ..දෙව්.. දෙව්සිත් ද?
🧒 ඔව්... පිස්සියේ... අමතක වෙලාද මාව ඔය තරමටම ආ..
👩 කටහඩ වෙනස් වෙලානේ ගොඩක්..
🧒 Climate වෙනස් වුනානේ එකපාරටම. ඒකයි..
👩 හ්ම්ම්...
විනාඩි 5ක් 10ක් ඇදුන call එක හවස ගන්නම් කියලා කට් වෙද්දි හිත දෙලොවක් අතර අතරමං වුනේ ඇස්වල කදුළු ආයෙමත් අලුත් කරන ගමන්...
ඇත්තටම කවුද මේ දෙව්සිත්...
මම නෙතුලි.. අවුරුදු 23 ක පුංචි කෙල්ලෙක්.. AL ඉවර වෙලා දැන් යන්තම් Job එකක් කරගෙන අම්මයි මල්ලිලා දෙන්නයි එක්ක සතුටින් ඉන්නවා.. එතකොට මේ දෙව්සිත්.. ඒ මගේ පණ ඉතිං.. හැබැයි අවුරුදු 4කට කලින්.. එතකොට කෝ දැන් එයා.. ඔන්න ඉතින් මගේ කතාව.
💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞
School ඇරිලා යාලුවොත් එක්ක කයියක් දාගෙන ගෙදරට එද්දි හවස 3ත් පහු වෙලා..අම්ම්ගෙන් බැනුමක් දෙකක් අහගෙන තඩි බත් පිගානකටත් වග කියලා wash එකක් දාන් ඇදට පැන්නේ පොඩි chat එකකට enter වෙන්න හිතාගෙන. වෙන කවුරුත් නෙමේ ඉතින් මගෙ අතිජාත මිත්‍රයෝ ටිකට තමා ඉතින්.. smart 4n එකක් දැකලවත් තුබුනෙ නැති ඒ කාලේ nokia කියන්නේ ඉතින් දෙයියෙක් තමා..
🧔 හායී...
👩 හායී...
🧔 කොහොමද ඉතින්.. ආසයි ඔයත් එක්ක ටිකක් කතා කරන්න..
Free චැට් කරන්න කියාපු heart to heart වලින් හම්බ වුන ආඩම්බරකාරයෙක් මගෙ හිත හෙල්ලුවා ඉතින්... අම්මිටත් හොරෙන් කොහොම හරි රෝල ගහන් මාස ගාණක් අපි ගොඩක් මැසේජ් කරා.. Call කරා.. ඒ කාලේ මං OL ලියනවා...
💞💞💞💞💞💞💞💞💞❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💙💙
🧔 Gm පිස්සියේ...
අම්මෝ සෙනසුරාදා උදේම ඉතින් මගේ හීන කුමාරයා වැඩම කරලා..
👩 Gm...
🧔 මොකද කරන්නේ ආ.. දැන්ද නැගිට්ටේ...
👩 ඔව්නේ... මං ඉතින් අම්මිගේ සූටි දෝණිනේ...
🧔 අනේ පව්... ඔහොම කියන්න එපා අප්පා.. ඇවිත් උස්සන් යන්න හිතෙනවා
👩 ආ ඇත්තද?
🧔 නෙතූ.... ඔයාගෙන් දෙයක් ඇහුවොත් මාත් එක්ක තරහ වෙනවද? ආ...
👩 නෑ කියන්න.. මං මොකටද තරහ වෙන්නේ...
🧔 Promise වෙන්න එහෙනම් තරහ වෙන් නෑ කියලා..
👩 හරී ... promise.... තරහ නෑ...
🧔 මේකයි.. මං ඔයාට කැමතියි... ඔය ගතිගුන වලට ... කතාවට.. හිනාවට හැමදේටම ගොඩක් කැමතියි.. please නෙතූ තරහ වෙන්න නම් එපා.. මං ගොඩක් දවසක ඉදන් ඔයාගෙන් මේ ගැන අහන්න හිතන් හිටියේ.. තරහ වෙයි කියලා බය හිතුනා.. ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි.
අනේ දෙයියනේ... මෙන්න මගේ හීන කුමාරයා මට ආදරෙයි කියනවා.. ඕක අහනක්ම් මාස ගානක් බලන් හිටියා.. එවුනාට දැන්නම් heart beat එක එකසිය ගාණට නැගලා තියෙන්නේ... අනේ මං මොකක් කියලද reply යවන්නේ.. . මලා... යකෝ මං තාම මගේ කුමාරයව දැකලවත් නෑනෙ...🤔🤔🤔 බෑ බෑ 4to එකක් ඉල්ලගන්නවා එක්කෝ...
👩 ඔයා මාව තාම දැකලවත් නෑනේ..
🧔 ඒත් මට හිතෙනවා ඔයා පුංචි, ලස්සන හුරතල් කෙල්ලෙක් වෙන්නැති කියලා.. ඔයාගේ රූපෙ මට වැඩක් නෑ... මං ආදරේ ඔය හිතට.. ඔය හිනාවට..
👩 හ්ම්...
🧔 මොකද මැට්ටී... කැමතිද කියන්න්කෝ...
👩 මට ඔයාගේ photo එකක් බලන්න ඕනේ..
🧔 අනේ පිස්සි... ඇයි බයයිද මං කැත ඇති කියලා..
👩 එහෙම නෑ...
🧔 හරි හරි ඉන්න එවනම්... කොහොමද එවන්නේ කියන්නකෝ ඉතින්...
👩 අම්මිගෙ 4n එකේ කැමරාවක් තියෙනවනේ.. ඒකට MMS එකක් එවන්න..
.
🧔 හ්ම්... ඉන්න ටිකක්...
වෙලාව යන්නෙත් නෑ වගේ.. අතේ අල්ල තරම්වත් නැති චූටි phone එක අතේ තියන් ගැහෙන හිතින් බල බල හිටියේ අවුරුද්දක් විතර කතා කරපු මගේ හීන කුමාරයගේ මූණ බලාගන්න... පැයක් ගියා වගේ දැනුන විනාඩි දෙකෙන් පස්සේ ඉතින් MMS එක නම් ආවා.. සීයක් දේවල් හිතේ ඇදෙද්දි අගල් දෙකක්වත් උස නැති 4n එකේ screen එකෙන් ඔයාගේ ලස්සන මූන චූටිවට පෙනුනා.. මාරම ලස්සනයි.. නලුවෙක් වගේ..
💞💞💞💞💞💞💞❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖❣️❣️💞
ඉල්ලපු ආදරේට උත්තරයක් නොදී ම තවත් මාසයක් විතර ගෙවිලා ගියේ අපිට අපි ගොඩක් ළං කරලා.
🧔 චූටික්කි...
👩 කවුද ?
🧔 මගෙ සුදු කෙල්ලනේ ඉතින්... අද ඉදලා ඔයා මගේ චූට්ක්කි...හරිද?
👩 වෙන නමක් තිබ්බෙම නැද්ද ආ...
🧔 නෑනේ පිස්සි.. ඔයාව හම්බ වෙන්න ආසයි... ඔය මූණ බලන්න ඕනි දැන් නම් මට.
💖❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💖💖❣️
ඉතින් අවුරුද්දකට විතර පස්සේ මගේ දෙව්සිත් ව පළවෙනි වතාවට හම්බ වෙන්න යනවා.. හිත අමුතුම හැගීමකින් පිරිලා ගිහින්.. රතු පාට top එකට කලු trouser එකක් ඇදලා කතා කරගත්ත විදියට අම්ම්ටත් තඩි බොරුවක් ගොතලා ගෙදරින් පැනගත්තා.. ආ කියන්න අමතක් වුනානේ.. මම නුවර .. එතකොට මගෙ දෙව්.. මාතලේ..
දෙව්ටයි එයාගේ යාලුවටයි එන්න කිව්ව බස් හෝල්ට් එකට එන්නම් කිව්ව වෙලාවටත් කලින් ගිහින් බලන් හිටියත් හිත ලොකු බයකින් පිරිලා තිබුනා..
🧔 අපි ආවා.. ඔයා කොහෙද ඉන්නේ...
දැන් නම් ඉතින් මුලු ඇගම ගැහෙනවා.. බයටම. පණ්ඩිතකමට තනියම ආවා නම් විදවපන් බළලෝ කිව්වලු ඉතින්...😜😜😜😜
🧔 කොහෙද ඉන්නෙ... මට හොයාගන්න බෑනෙ...
හී ... කොහේ හොයාගන්නද ඉතින් .. මං කිව්වේ කළු ගවුමක් ඇදන් එනවා කියලනේ.. අනේ පව්.. දැන් ඉතින් දෙන්නත් එක්ක කලු ගවුමක් ඇදන් ඉන්න කෙල්ලෙක් හොයනවා ඇති පණ දාගෙන... ඒත් කෝ යකූ... මන් තව දැක්කෙත් නෑනේ.. 🤔🤔🤔
🔊🔊🔊🔊🔊🔊 හපොයි දෙයියනේ...මහ සද්දන් 4n එක ring වුනේ අහල පහල හැමෝගෙම ඇස් මහෙ දිහාට හැරවෙද්දි . ලැජ්ජාවේ පණ යනවා.. දැන් ඉතින් මොනා කරන්නද? හදිස්සියට කොරස් කටෙත් අත දා ගන්න බෑ කියනවනේ ඉතින්... මේ මගුලත් මේ වෙලාවෙම silence වෙන් නෑනේ... call එක cut කරලා විනඩියක් යන්නත් කලින් මේන් මේ යකා ආයෙම ගන්නවා.. පළාතම දෙදරන්න ආයේ ඉතින් rings යනවා.. 🔊🔊🔊🔊
කොහොමින් කොහොම හරි 4න් එක silence කරලා හොර පූසි වගේ හිමින් හිමින් පස්ස හැරිලා බල්ද්දිනේ දෙයියනේ හොදම හරිය...🙈🙈🙈 ඔව්... දෙව්සිත් හිනාවෙවි මං දිහා බලාගෙන...call එක අරන් තියෙන්නේ මගෙ පිටිපස්සේ ඉදලනේ..
යාන්තමට පෙනුන 4to එකට පින්සිද්ද වෙන්න ඒ ඇස් අදුරගත්තත් twins ලා වගේ හිටපු ඒ දෙන්නගෙන් දෙව්සිත් කවුද කියලා හරියටම guess කරන්න බැරි නිසා දෙන්නටම හිනා වුනා ඉතිම්...🤗🤗🤗
🧔 කෝ පිස්සි කලු ගවුමක් ද ඔය ඇදන් ඇවිත් තියෙන්නේ ආ...
👩 හරි ඉතින්...
🧔 ලස්සනයි ringing tone එක නම්..
👩 අනේ යන්න.. .
🧔 යන්නද එහෙනම්... ආ.. පිස්සු කෙල්ල.. මං හිතන් හිටියටත් වඩා ගොඩක් ලස්සනයි..
👩 ඒ කියන්නේ කැත කෙල්ලෙක් කියලා නේ හිතන් හිටියෙ ...
🧔 ඔව්නේ... කලුම කළු කැත කෙල්ලෙක් කියලනේ..
👩 හ්ම්ම්. මං තරහයි..
🧔 මොකද හිතෙන්නේ මං ගැන. 4to එකේ හිටියා වගේම ඉන්නවා නේ..
👩 නෑ.. ඊට වඩා ලස්සනයි..
🧔 අම්මිට මොකක් කියලද ආවේ.. ආ...
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💞💞💞💞💞💞💞💞💞❣️❣️❣️❣️❤
ජීවිතේ ගෙවපු ලස්සනම පැය කීපය... මාළිගාවේ බැම්ම ළග යාලුවව නතර කරලා ඔයාත් එක්ක නෙළුම් මල් වට්ටියකුත් අරන් මාළිගාව පුරාම ඇවිද්දේ ගොඩක් ආසාවෙන්.. ගමේ කේලම් මල්ලකගේ ඇහැ ගැටෙයි කියලා බයටම ඉක්මන්ටම ගෙදර යන්න ඕන කිව්වම ඔය ඇස් දුකින් පිරුනු හැටි අදටත් මතකයි. දවල්ට බත් කාලා බස් එකට මාව දානකොට පළවෙනි වතාවට අතින් අල්ලගෙන “පරිස්සමින් යන්න මැණික “ කියලා කිව්වා මතකද දෙව් ඔයාට.. මාව මතකද ඔයාට තාම.. මූණ ජම්බු ගෙඩියක් වගේ ඒ වෙලාවේ රතු කරගත්තා ලැජ්ජාවට...
🧔 ගෙදර ගියද ළමයො...
👩 ඔව් .. දැන් ආවේ.. අනේ මට බය හිතෙනවා.. කවුරු හරි දැකලා තිබුනොත්..
🧔 පිස්සි බය නැතුව ඉන්නකෝ.. එහෙම මොකුත් වෙන් නැ... කෝ දැන් ගිහින් wash දාලා ඉන්නකෝ...
👩ඔයා කොහෙද ඉන්නෙ දැන්..
🧔 ම්හ්.. ඉන්නේ ඉතින් මගෙ කෙල්ලගෙ හිත ඇතුලෙ තමයි.
නෑනේ..
👩 නැත්තේ නෑ.. ඔන්න දැන් මං ආවනෙ බලන්න.. දැන් හරි කියන්නකො... ආදරෙයි ද මට ආ...
💖💖💖💖💞💞💞❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞💞
ඉතින් එදා පටන් ගත්ත අපෙ ආදරේ ගොඩක් ලස්සනට අවුරුදු දෙකක් ගලාගෙන ගියේ අපි අපිට ගොඩක් ආදරෙන් ළං කරලා.. බස් එකක ළං වෙලා වාඩි වෙලා ගියපු ටික දුරක්, මල්වත්ත, මාළිගාව, වැව රවුම, පාර අයිනෙ තියෙන කෑම කඩයක් අදටත් මගේ හිත හරි ඉක්මන්ටම ඒ ලස්සන අතීතෙට අරන් යනවා.....දෙව්.... ඔයාගේ 4to එක අතේ තියාගෙන අදටත් මං ගොඩක් අඩනවා... ඔයාට ඔයාගේ චූටි ව මතක් වෙන් නැද්ද දෙව්..... අපේ ආදරේ අමතකම වෙලාද ඔයාට ආ...
💞💞💞💞💞💞💞💖💖💖❤❤❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
🤱 නෙතූලි.. මෙහෙ එනවා
👩 මං වැඩක්...
🤱 එක පාරක් කිව්වම එනවා...
👩 ඇයි අනේ...
🤱 ඇයි... ඇයි තමා... කවුද දෙව්සිත් කියන්නෙ..... උඹ කා එක්කද ඔය කතා කරන්නේ..
යන්තම් AL ඉවර කරලා මාස හයක් යන්නැති.. අම්මිට වැඩේ මාට්ටු... මං නාන අතරේ 4න් එක රාජසන්තක වෙලා ඉතින්. කොහොමින් කොහොම හරි තව කාලයක් අම්මිගෙ බැනුම් අතරෙන් ම අපි ආදරේ කරා... මගේ දෙව්සිත් වගේම එයාගෙ අම්මයි තාත්තයි දෙන්නත් මට ගොඩක් ආදරේ කළා..
👩 Gm මැට්ටො....
🧔 Gm චූටී... මොකෝ අද උදේම නැගිටලා ආ...
👩 එහෙම තමා හොද ළමයි... මං බඩ්ඩක් කියනවා... හැබැයි ඉතින් ම්ටත් මොනාහරි ඕනේ...
🧔 ම්හ්... kiss ගොඩාක් දෙන්නම්....
👩 එපා එපා... මං දැන් town එනවා... එන්න හොදෙ....
🧔 හරි චූටි.. එන්නකෝ... අම්මා නැද්ද?
👩ඉන්නවා.. ඔයාගේ horoscope එක අරන් එනවද එද්දී..
🧔 එකපාරටම මොකො ආ... කසාද බදින්නවත් හිතුනද මාව..
👩 නෑනේ... අල්ලපු ගෙදර නංගිට බන්දලා දෙන්න හිතුනා..
🧔 පිස්සි... හරි හරි ඉක්මන්ට ලෑස්ති වෙනවා ගිහින්... ඉක්මන්ට ඔය සුදු මූණ බලන්න ඕනේ මට..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞
ජීවිතේටම මේ තරම් සතුටක් දැනිලා නෑ... හරිම ආසාවන් ලස්සන ගවුමකුත් ඇදන් දෙව් ව හම්බ වෙන්න ගියේ හැම හීනයක් ම හැබෑ වුණා කියලා එයාට කියන්න.. අලු පාට ෂර්ට් එකට නිල් ඩෙනිමක් ඇදලා වැව රවුමේ මං එනක්ම් ඔයා එදා බලන් හිටියා...
🧔 ලස්සන අද කෙල්ලගේ...
👩 මං හැමදාම ලස්සනයි හරිද ...
🧔 කෝ මොනාද කියන්න තියෙනවා කිව්වේ ආ...
👩 එහෙම කියන්න බෑ..
🧔 ආ එහෙනම් කොහොමද පුලුවන් ආ චූටි ..
ලොකු මැයි මාර ගහ යට වාඩිවෙලා ඔය පපුවේ ඔලුව තියන් ඉද්දි නළලට කිස් එකක් දීලා ඔයා මගේ ඇස් දිහා ගොඩක් වෙලා බලන් හිටියා... ඔයාගේ ආදරේ මං වැඩිපුරම වින්දේ ඒ මොහොතේ වෙන්නැති කියලා හිතෙනවා මගෙ අයියේ...
🧔 කෝ... කියන්න ඉතින්.. .
👩 අම්මි කිව්ව.. ඔයාගේ horoscope එක ඉල්ලං එන්න කියලා.. අම්මි කැමතියි දැන්...අනේ මට ගොඩක් සතුටුයි .. දැන් ඔයා මගේ විතරයි නේ...
🧔 ඇයි... ඊට කලින් මං වෙන කාගේ හරිද ආ...
ඉතින් එදා horoscope එක ඉල්ලන් ඇවිත් අම්මිට දෙද්දි මං නිකමටවත් හිතුවේ නෑ දෙව්..ඔයාගේ චූටික්කි ට ඔයාව නැති වෙයි කියලා.. හදහන් ගැළපෙන් නෑ කියලා affairඑක නතර කරන්න කියලා අම්මි ඇවිත් කියද්දී මගේ මුළු හිතම නැවතුනා අයියේ.... මගේ ජීවිතේම වුනේ ඔය දෙන්නා... ඒත් අද... අම්මි හරි ඔයාව හරි මට තෝරගන්න වෙලා... ඔයාව අමතක කරන්න කියලා අම්මි මෙහෙන් අඩද්දි මං අසරණ වුණා අයියේ .. අපි marry කරොත් ඔයා ගොඩක් දුක් විදිනවා කියලා තිබුනා ඒකේ .. marry කරොත් ඔයාට අපලයි කියලා කිව්ව... අනේ මං එදා ඒ දේවල් විශ්වාස නොකළා නම් මං අදටත් ඔයාගේ අයියේ ... අපි තුන්දෙනාම ඇඩුවා... රැයවල් ගනන් නොකා නොබී ඇඩුවා...
මගේ තීරනේ වෙනස් කරන්න කියලා ඔයා අඩ අඩ කියද්දි..මං නැතුව ඔයාට ජීවිතයක් නෑ කියලා ඔයා කියද්දී මගෙ හිතත් ඒකම කිව්වා මැනික.. ... ඒත් හදහනේ ලියවුන දේවල් අකුරක් නෑරම මායි අම්මියි විශ්වාස කරා.. ඊටත් වඩා එත්නදි මගෙ අම්මිගේ වචනෙට පිටින් යන්න මට බැරි වුනා... ඔයාගේනුයි අම්මිගෙනුයි... මං අම්මිව තෝර ගත්තා..අම්මිගේ සතුට වෙනුවෙන් මං අපේ සතුට හැමදාටම නැති කරලා දැම්ම..
💖💖💖💖💞💞💞💞💞💞💞💞💞❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💞
🧔 අනේ.. චූටික්කි.. මගෙන් ඈතට යන්න එපා දෙයියෝ...මං මැරෙයි.. ඔයා මගෙ පණ ටිකනේ මැණික... ඕවා බොරු රත්තරනෙ .. අපි marry කරලා ගොඩක් සතුටින් ඉදී .. මගෙ මැණික මගෙ ළගට ආවා කියලා මට මොකුත් වෙන් නෑ... මගේ චූටි ගේ ආදරේ මට මාරක අපලයක් වෙන්නේ කොහොමද ආ... ඔයා ළගට ආවට පස්සේ මං මැරුනත් කමක් නෑ චූටි. ඒත් ඔයා නැතුව එක දවසක්වත් මට ජීවත් වෙන්න න්ම් බෑ මැණික.
👩 මටත් බෑ මගෙ අයියේ ... මටත් බෑ ඔයා නැතුව ඉන්න.. ඒත්.. අම්මි විදවනවා බලන්න මට බෑ අයියේ .. අනික... අනික මට බයයි ඒකේ තියෙන ඒවා ඇත්ත වුණොත්... එදාට මොකද කරන්නේ... හදහනේ තියෙන දේවල් බොරු නෙමේ අයියේ ... මං බයයි ඒ දේවල් වලට...
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
අනේ එදා මගේ හිතට වඩා මොළේ ඉස්සර වුණා නම් අදටත් ඔයා මගේ දෙව්... .. ඔයා මං ළග කොච්චටඇඩුවත් මට බැරි වුණා මගෙ විශ්වාසසේ බොරුවක් කියලා හිතන්න.. අම්මිගේ වචනෙට පිටින් යන්න...
👩 ඔයා හිත හදා ගන්න අයියේ ... මට වෙන කරන්න දෙයක් නෑ.. මං ඔයාට දීපු ආදරේ බොරුවක් නෙමේ.. මං හැමදාම ගොඩක් ආදරේ කරා ඔයාට.. මටත් බෑ ඔයා නැතුව ජීවත් වෙන්න... මගේ එකම ආදරේ ඔයා ... මගේ ජීවිතේම ඔයා.. please ඔයාගේ චූටික්කි වෙනුවෙන් හැමදාම සතුටින් ඉන්න... මං වෙනුවෙන් මාව අමතක කරන්න..
🧔 ඔය හිත වෙනස් වෙන්නෙම නැද්ද චූටි..
හිතේ දුක හංගගෙන, ඇස් වල කදුළු පුරෝගෙන ඔයා ඇහුවේ ඒ දේ විතරමයි දෙව්...
අපේ අවුරුදු 2ක ආදරේ හැම මතකයක් ම... 4to, පිටු ගණන් ලියපු ලියුම් හැමදේම ඔයාගේ අත් දෙක උඩින් තියලා, අන්තිම පාරට ඔය කකුල් දෙක අල්ලලා වැදලා මං ගෙදර ඇවිත් දවස් ගානක් නොකා නොබී ඇඩුවා... අදටත් ඔයා ලියපු Auto එක, අරන් දීපු ඇදුම් , පුංචි පුංචි gift දවස ගානේ බල බල ඔයා එනකම් මග බලන් ඉන්නවා මගෙ රත්තරනේ...
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖❣️❣️❣️
ඔයාගෙන් කිසිම message එකක් call එකක් නැතුව අවුරුද්දක් ගෙවෙන්නැති... ඔයා මට call එකක් ගත්තා..
🧔 චූටික්කි .. මාව අමතක වෙලාද?
👩 ම්හ්... නෑ...
🧔 ඔයාගේ හිත තාම වෙනස් කරගන්න බැරිද? ඒ දේවල් අමතක කරලා දාලා මගේම වෙන්න බැරිද ම්හ්... මං අම්මටත් කතා කරන්නම්... මේ කාලේ කල්පයක් වගේ දැනුණේ... ඔයාව මතක් වෙන් නැති වෙලාවක් නැති තරම්.... අම්මත් ගොඩක් දුක් වුණා.... ඔයාට එයා ගොඩක් ආදරෙයි චූටික්කි..මගෙ චූටි.. කියන්නකෝ... අම්මගෙ හිත හදමු අපි... ඕය බොරු දේවල් අමතක කරලා අපි දෙන්නා සතුටින් ඉමු... කෝ කතා කරන්නකෝ... ඔයාට පුලුවන් ද ආ හැමදාම ඔහොම මන් නැතුව ඉන්න..
අඩපු එක ඇරෙන්න මං මොකුත්ම කිව්වේ නෑ... තාම ඔය හිතේ ඉන්නෙ මං කියලා දැන ගද්දි හිත පිච්චුණ තරම් දන්නේ මං විතරමයි අයියේ ...
👩 අම්මී...
👩 අනෙ අම්මි මට ක්‍රිෂාන් නැතුව ඉන්න බෑ... අද කතා කර කර අඩනවා අම්මි... අනේ මට එයාව ඕනි අම්මි...
Call එක ඉවර වෙලා අම්මිගෙන් අඩ අඩ එදා මුළු රෑම අම්මිගෙන් මං ඔයාව ඉල්ලුවා දෙව්. මං අඩනවා බලන් ඉන්න බැරිම තැන අම්මි එදා ඔයාට කතා කරා.. ඒ දේවල් මට අහන් ඉන්න බැරි වුණා... අඩලා අඩලාම හෙම්බත් වෙලා හිටියෙ මං... ඒත් එදයින් පස්සේ ආයේ ඔයා මට ගත්තේ නෑ.. මං call ගත්තත් answer කරේ නෑ.. ඒත් එක දවසක්... මාස පහකින් විතර.. ඔයා මට කතා කරා...
❣️❣️❣️❣️❣️❣️❣️💞💞💞💞💖💖💖💖💖💖💖💔💔❣️❣️❣️
🧔 මට සමාවෙන්න චූටික්කි.. මං ඔය හිත වෙනස් කරන්න ගොඩක් try කරා.. මට පුලුවන් හැමදේම කරා.. ඒත් ඔයා තාමත් ඔයාගේ තීරණේ වෙනස් කරන්න කැමති නෑනේ..
👩 මට වෙන කරන්න දෙයක් නෑ අයියේ .. මට බෑ අම්මිට පිටින් යන්න... අනික ඒ දේවල් බොරු කියලා හිතන්න බෑ මට..
🧔 ඔයාට දෙයක් කියන්න තියෙන්ව චූටික්කි..
එහෙම කියලා ඔයා එවපු දෙයින් මාව නොමරා මැරුවා අයියේ .. ඔයා මගේ.. හැමදාටම මගේ.. ඔයාගෙන් දුර හිටියත්... ඔයාගෙන් ඈතට ගියත් මගේ හිතේ හිටියේ ඔයා විතරයි... ආදරේ කරේ ඔයාට විතරයි.. ඒත් මගේම විතරක් වෙලා තිබුණ ඔය ඇස් ඔයා වෙන කෙනෙක්ට දීලා තිබුණා .. මටම විතරක් අයිති වුණ ඔය උරිස, පපුව වෙන කෙනෙක් අයිති කරන් තිබුණා. ඔයාලා දෙන්නා දිහා බලන් මං අඩපු තරම් කවුරුත් දන් නෑ අයියේ .. ඔයාගෙන් ඈත් වෙල හිටපු මේ අවුරුදු එකාමාරටම දැනුනේ නැති තරම් දුකක් එදා මට දැනුනා... ආදරේ, ඊර්ෂ්‍යාව , ලෝබකම, දුක අහිමිවීම හැම දේම එකවර දැනුනා...
මං ඉකි ගගහා අඩද්දී ආයේම ඔයාගේ කටහඩ ඇහුණා අයියේ ..
🧔 ඔයා හිත වෙනස් කර ගන්නවා නම් මං මෙයාව අතෑරලා ඔයා ළගට දැන් වුණත් එනවා චූටික්කි .. කියන්න... මේක් නතර කරන්නම් මං ඔයා කියනවා නම්...
👩 එපා... ඔයාලා සතුටින් ඉන්න.. මගේ තීරණෙ වෙනස් වෙන් නෑ....
🧔 කවදාවත් ම නැද්ද චූටි... මගේ වෙන්න බැරිද ඔයාට... දැන් හරි... අපි දෙන්නා දෙපැත්තක ඉදන් දුක් විදිනවා චූටි... ඔය හිත වෙනස් කරගන්නකෝ...
👩 මට බෑ... please මට හැමදාම මෙහෙම ඉන්න දෙන්න.. ඔයාලා සතුටින් ඉන්න..
❣️❣️❣️❣️💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ඔව්.. මගේ ජීවිතේ මං ගත්ත මෝඩම තීරණේ .. අවුරුදු එකාමරක් ගිහිල්ලත් අමතක කරන්න බැරි වුණ ඔයාව මං කොහොමද අමතක කරන්නේ දෙව්.. ඒත් අදටත් මං පසු තැවෙනවා මගේ තීරණේ ගැන...
ඔයා මට පුලුවන් හැම වෙලේම අවස්ථාව දුන්නා.. මගේ හිත වෙනස් කර ගන්න... ඔයාගේ ජීවිතේට ආපු කෙනාවා අතෑරලා මගේ වෙන්න ඇහුවා.. හැම දේම මං එපා කිව්වා.. අම්මිගෙයි මගෙයි හිත් වෙනස් කරන්න ඔයයි ඔයාගේ අම්මයි කොච්චර දේවල් කිව්ව්ද? මෙ ආත්මේ මට ඔයාව හිමි නෑ අයියේ ..
ඇඩූ කදුළෙන් ම කාලේ ගෙවිලා යද්දී , එක උදේක ආපු ඔයාගේ call එක ඔයාගේ කටහඩ අහපු අන්තිම වතාව වුණා දෙව්..
🧔 චූටික්කි .. ඔයා පරිස්සමට ඉන්න ඕනි හොදද හැමදාම.. මං Japan යනවා හෙට..
👩 අනේ...
🧔 ආසයි ඔය මූන එකම පාරක් හරි බලන්න.. ඒත් දැන් මට ඒකට අවසර නෑනේ.. මං හෙට යනවා චූටි.. අපේ මතක හැමදේම මෙහේ දාල මං යනවා..
👩 කා එක්කද යන්නේ...
🧔 තනියම... ඇවිත් සදූනි ව marry කරනවා.. අම්මලත් කැමති ඒකට.. ඔයාගේ ජීවිතේට හොද කෙනෙක් එයි.. එයත් එක්ක සතුටින් ඉන්න..
ඔයාගේ අන්තිම call එක... ඔය කටහඩ අහපු අන්තිම වතාව. අදටත් ඒ දේවල් හිත හිත මං විදවනවා අයියේ ..
දැන් අවුරුදු 4ක්... ඔයා ලංකාවට ආවද නැද්ද කියලාවත් මං දන්නේ නෑ දෙව්.. .. ඔය මූණ මතක් වෙන් නැති එක තත්පරයක් නෑ මගේ ජීවිතේ... fb එකේ ඔයාව හොයන තරම්... ඒත් ඔයා නෑනේ... බලන් ඉදලා බැරිම තැන ඔයාලා අම්මට call කරලා ඔයා ගැන ඇහුවා.. number එකක් ඉල්ලුවා... ඒත් ළගදී මැරි කරන්න ඉන්න ඔයාගේ ජීවිතේට ඔයාගේ පරණ ආදරේ ළං කරන්න කොයි අම්මද කැමති... මගේ තීරණේ නිසා අපි හැමෝම අසරණයි දෙව්...
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
හදහන් ගැළපෙන් නැති නිසා අපිව ඈත් කරල අද මගේ අම්මිත් ගොඩක් දුක් ව්දිනවා මගෙ අයියේ.. දවස ගානෙ හොයන් එන එකම proposal එකකටවත් මම කැමති නැති වෙද්දී, ඔයාගෙන් පස්සේ කිසිම කොල්ලෙකුට මගේ හිතේ ඉඩක් නැති වෙලා යද්දී හැමදාම මං තනිකඩව ඉදී කියලා මගෙ අම්මි අඩනවා දෙව්... හදහන්ක් නිසා මගේ සතුට නැති කරා කියාලා හැමදාම එයා දුක් වෙනවා... අනේ... මට තේරෙන් නෑ මං කරන්න ඕනි මොකක්ද කියලා...
මට එකම පාරක් ඔය මූන බලන්න ඕනි... එකම පාරක් හරි... ඒත් දැන් මට ඔයාව අයිති නෑනේ... ඒත් අදටත් 4n number එක පවා වෙනස් නොකර ඔයා ලංකවට ඇවිත් මට කතා කරනක්ම් බලන් ඉන්නවා..Japan ඉන්න මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් මාස ගණක් මං ඒ රටේ ඔයාව හෙව්වා අයියේ .... japan වල ඔයා ඉන්නේ කොහෙද , කරන්නෙ මොනාද මොකුත් දන් නැතිව මගෙ යාලුවට කරදර කර කර මං ඔයාව හෙව්ව...
ඔයාව හම්බ වුණොත් මං මොනා කරයිද මං දන් නෑ.. කියන්න දෙයක් හිතා ගන්න බෑ.. ඒත් ඔයා ආයෙම එකම වතාවක් මේ චූටික්කි ව ඉල්ලුවොත්.... අඩුම මාව බලන්න ඇවිත් යනවා නම්... මට කා ගැනවත් හිතන්න බෑ... බලන්න ඕනි... කතා කරන්න ඕන මගෙ අයියේ ඔයාට. දුක නැති වෙනකම් ඔය ඇස් ඉස්සරහ අඩන්න ඕනි මට.... එකම පාරක් මාව බලන්න එන්න දෙව්... මගෙ ඉස්සරහට එනන අයියේ...
මගේ මෝඩ තීරණ නිසා අදටත් මට හිත හදා ගන්න බෑ අයියේ .. හැමදාම මගේ එකම ආදරේ ඔයා විතරමයි...
ඉතින් අන්තිම වතාවට ආයෙම කතාවෙ මුළට යන්නම්..
Wrong number එක.. මගේ අයියා කියලා මට කතා කරේ ඔයාමද?
නෑ... .. ඒ ඔයා නෙමෙයි... කතා කරේ කවුද කියලා මං දන් නෑ.. ඒත් මං රැවටුණා.. අවුරුදු ගාණකට පස්සේ හිතේ ඇදුණු බලාපොරොත්තු , හීන එක මොහොතින් ආයෙම කඩන් වැටුණා.. wrong number එකටත් ඔයා කියලා හිතලා රැවටෙන තරමට මේ හිත උමතුවෙන් දෙව්... ඔයා වෙනුවෙන් බලන් ඉන්න චූටික්කිට එකම පාරක් කතා කරන්න දෙව්..
හදහන ඇත්තද ? බොරු ද? ඔයාලගේ අදගස comment කරන් යන්න යාලු...
