"මේ අයියා කියනවා පහන් ඔයාට කැමැතිලු...."
එක් වරම රාශි අක්කා කියද්දී මගේ ඇස් දෙක නලලට ගියේ කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙද්දී...
"පිස්සුද අයියේ... පහන් අයියා යාළුවෙක් විතරයි...එහෙම මොකුත් නෑ අනේ..."
ෆෝන් එක ලඟට කට ලං කරමින් මන් කියද්දී..
"හරි බං ඒ උබටනේ යාළුවා... පහන් ඒ උනාට ඔයාට කැමතිලු..."
මගේ අතින් අල්ලන් බිත්තියට හේත්තු වෙමින් රාශි අක්කා මගේ මුන දිහා බලන් කියලා ..අමතක උන දෙයක් මතක් උනා වගේ එක්වරම රාශි අක්කා
"අහ් බබා ඔයා දන්නේ නෑ නේ ..මෙය මේ යාළුවා ගගා කිව්වට ... එදා අපි ඇදුම් ගන්න ගියපූ වෙලේ මරු වැඩක් උනා..."
ඇදුම් ගන්න ගියපු වෙලේ කියද්දිම මන් දැන ගත්තා මගේ චරිතෙ කන්න යන්නේ මෙකී කියලා..ඒ නිසාම මන් අත තද කරන්...රහසින් එපා එප් එපා කියද්දී
"අනේ මේ ශාරා කියන්න එපාලු බබා...."
රාශි අක්කා හිනා වේවි කියද්දී මන් ඔලුවෙ අත ගහ ගත්තේ ගොන් ගහක් කියලා හිතමින්....
"මේ මෙය කියන්නළු අනේ..මන් කියනවා ඔන්න.....මේ ෂාරා අර දෙනෝ දාහක් මැද්දේ පඩි පෙලෙන් ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටුණා කියන්නකෝ...බෝලේ වගේ ඉන්නවානේ...රෝල් වේවි පඩි දෙකක් විතර වැටුණා කියන්නකෝ.......කොහේ නැගිට්ටන්නද අනේ මට යි විනු ටයි මැරෙනකම් හිනා...මන් හිතුවේ මන් හිනා වෙලා මැරේයි කියලා ...එක මතක් වෙද්දිත් මට හිනා යනවා අම්මෝ....ඒත් එක්කම කොහෙන්දෝ ඉදලා පහන් දුවන් ආවා කියන්නකෝ...හරියට හින්දි ෆිල්ම් එකක් වගේ හොඳේ ....පහන් මෙයව නැගිට්ටද්දී තමා අපි දෙන්නා ගියේ...ඒත් අපි දෙන්නට හිනා හොඳද...ඊට පස්සේ මෙයා පහන්ගේ කරේ ගියේ හොඳේ ...
රා ෂී අක්කා හැක හැක ගගා හිනා වේවි කියද්දී මන්...
"අනේ අයියේ බොරු කියන්නේ..මගේ කකුල පෙරලිලා තිබ්බේ එකයි අනේ පහන් එක්කන් ගියේ..කොහෙද මේ දෙන්නා මාව අල්ල ගත්තේවත් නෑ....."
"අනේ නිකන් පලයන්..යන්න..බොරුවට රගාපාලා..පහන්ට කියලා කකුල අත ගාගෙන අයිස් ක්‍රීම් එකකුත් අර ගත්තා...ඊට පස්සේ පහන් ගියාට පස්සේ මෙන්න මේකි හොදට ඇවිදිනව ..තනි බොරුව ..පහන් ඉන්නකම් අම්මෝ මැරිලා වගේ හිටියේ...හරියට කකුල කැඩිලා වගේ...."
"ඉතින් අනේ පස්සේ හරි ගියානේ...එකයි....."
ඇහෙන නෑහෙන ගානට මන් කියද්දී...
"මදුරුවෙක් ද මන්දා බබා...කුන් කුං ගානවා ..."
"අනේ මන් යනවා මන් තරහයි...පස්සේ බලා ගන්නම්කෝ...."
මන් ගාස්සන් කාමරේට යාද්දිත් රාශි අක්කා හිනා වෙනවා....
.........
"අඩේ බං අදත් කොච්චි පරක්කු යි බං ...අම්මාපා මන් දවසක සෙට් වෙන්නේ කොච්චි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ඇයි යකෝ...බලහන්කො...වෙලාවට වැඩක් කරන්න බෑනේ මුන්ට "
සුපුරුදු පරිදි මගේ කන් කෙඳිරිය විනු අහන් ඉන්නේ කම්ඹුලට අතක් තියාගෙන..
"කරුණාවෙන් සවන් දෙන්න...ගම්පහ සිට කොලබ කොටුව බලා යන දුම්රිය විනාඩි 15ක් ප්‍රමාද වේ.."
"අම්මපා මට මේ ගෑනිගෙ හොම්බ තල්ලා එන්න හිතෙනවා බන්...රෙද්ද..."
මන් බෑග් එකත් තද කරන් කියද්දී...
"අපිට සිරාවටම කවදාවත් වෙලාවට වැඩට යන්න බැරි වෙයිද බං...හැමදාම අර මරුස් ගෙන් බැනුම් අහන්න බෑ බන්..."
විනු කියද්දී මන් සුසුමක් පිට කරේ වේදනාවන්..වෙලාවකට මට හිතෙනවා මන් මොකට මේ රස්සාවට හා කිව්වද මන්දා කියලා...මුළු දවසම වැඩ කරත් කිසිම නිදහසක් නැති කිසීම හොඳ ක් නැති රස්සාවක්....ඒත් මේක අත ඇරලා යන්නත් මට බෑ..මේවා එක අතකට පතාගෙන ආව කරුම....
"මේ අන්න එනවා..."
විණුගේ හඩින් මන් කල්පනා ලෝකෙන් මිදුනා...තෙරෙපිලා තේරෙපිලා කොච්චියට නැග ගත්තේ අමාරුවෙන්...
"අහ් නංගිලා..බලහන්කො..මුන් දෙන්නත් හැමාදාම අපේ කොච්චි පෙට්ටියට නගින හැටි..."
ශනෙත් අයියා පහන්ට කියමින් හිනා වෙද්දී විනු ...
"අනේ සෝ රී අයියා මේ පෙට්ටිය ඔයාට ලියලා කියලා අපි දන්නේ නෑ නේ..
සෝ රී හොඳේ...මේ බැහැපංකෝ..වෙන පෙට්ටියකට යමන්..."
විනු මාවත් අල්ලන් බහින්න හදද්දී ශනේත් අයියා විනුව ඇදලා ලඟට ගත්තේ...
"අපෝ මැණික විහිළුවක් කරේ..මේ කොච්චියම අයිතිය ඔයාට තමා...."
ශානේත් අයියා කියන්නේ වීනුගේ ආදරණීය ප්‍රේම කුරුල්ලා...ශානෙත් අයියා වැඩ කරන්නේ බැන්ක් ඒකක...විනු සුපුරුදු පරිදි ෂානේත් අයියයුගේ තුරුලට වෙද්දී මන් වෙනදා වගේම ඒ දෙන්නට කරදර නොකර...දොර ගාවට වෙලා එළිය බලන්න හිටියේ හිත මොකක් දෝ දුකකින් පිරේ ද්දි...පාරවල් ගස් වැල් පහු කරන් කොච්විය ඉස්සරහට ඇදුනේ මගේ මතක වලින් හිත පැරේද්දි...කොච්විය තරම් මට සමීප පෙම් දැහැනක් කිසිම කෙනෙක්ට තියෙන්න නැතිව ඇති...ආදරණීය සිප ගැනීම් අපේ මතක වලින් මේ කොච්වි පෙට්ටි පිරිලා ඇති ....
"ඒ ශාරා අඩනවද....."
මතක අස්සේ අතරමං වෙලා ඉද්දී නොදැනිම කදුළු කොපුල් තෙත් වෙලා ..
"නෑ පහන් ..."
රහසීන් ම මන් කදුළු පිගිදමින් කියද්දී ....පහන් මන් ගාවට ඇවිල්ල හිට ගත්තා....
"බොරු නේද..මන් දැකලා තියනවා ගොඩක් දවස් වලට ඔයා මෙතනට වෙලා අඩනවා..."
පහන් කියද්දී මන් පහන් ගේ මුන දිහා බැලුවා.ඒත් එක්කම මට මතක් උනේ ඊයේ කැලුම් අයියා කියපු කතාව....පහන් ව මට මුලින්ම හම්බ වෙන්නෙත් කොච්චියෙන්....ඒ ශනේත් අයියා නිසා... මාස හයක් පුරාම අපි මේ කෝච්චියේ උදේ හවස යද්දී නොදැනිම අපි මිතුරන් උනා..ශනේ ත් අයියා විනු ව බලන්න එන්නේ පහන් එක්ක...ඒ ආපු ගියපු වෙලේම තමා කැලුම් අය්යලා පහන්ලා සෙට් වෙන්නේ..කාලයත් එක්ක අපි බෝඩිමේ හැමෝම එකම පවුලක් වගේ සමීප උනා...
"අනේ නෑ පහන්...මන් දොර ගාව ඉන්න නිසා ඔය රොඩු එහෙම යනවා..."
මන් ගොත ගහමින් වගේ කියද්දී... පහන් හිනා උනේ අහක බලන්....
"ම්ම්ම්ම්..ඒත් මට හිතනවා ඔයාගේ මතක ගොඩක් මේ කොච්වියේ තියනවා කියලා...."
"එහෙම දෙයක් නෑ පහන්..."
මන් බිම බලන් කියද්දී ...
"ගමේ යන්නේ...නැද්ද..."
"යන්න ඕනි පහන්..."
"ම්ම්ම්...හොඳයිද මගේ ශර්ට් ඒක ..අක්කා ගෙනත් තියන්නේ ඊයේ..."
පහන් පොඩි එකෙක් වගේ ශර්ට් ඒක පෙන්නමින් අහද්දි...
මන් පහන් දිහා උඩ ඉඳන් පහලට බැලුවා...පහන් හරිම ආකර්ෂණීයයි....දම් පාට ශර්ට් එකට පහන් ඇත්තටම ලස්සනයි කියලා මට හිතුනා..මේ මාස 6ටම මන් පහන් දිහා හරියට බලපූ පළවෙනි වතාව තමයි මේ ...
"ඔව් ලස්සනයි පහන්...අක්කා හොදට තෝරලා තියනවා...අද නම් කෙල්ලෝ පස්සෙන් එයි .."
"අපෝ වැඩක් නෑ බං කොච්චර ආවත් හිතේ ඉන්න මල එන්නේ නේ නෑ..."
මගේ ඇස් දෙකට ම එබිලා පහන් කියද්දී මගේ ඇස් ගැස්සුණා...ඒත් මන් එක ගණන් නොගත්තා වගේ ලාවට හීන වෙමින්...
"ඇත්තද...ඒ කියන්නේ පහන්ටත් මලක් ඉන්නවා...."
මන් කියද්දී
"ඉන්නවා ...ඒත් ඒ මල මට ලබා ගන්න බැරි තරම් දුරයි වගේ....ඒ මල දන්නේ නෑ මන් ඒ මලට කොච්චර ආදරේද කියලා...."
පහන් කියද්දී ..මන් නිහඬව හිනා උනේ මගේ උගුර හිර වෙලා වගේ දැනෙද්දී..
.......
කොච්චියෙන් බැහැලා අපි දෙන්නා බස් එකට දාලා ශනෙත් අය්යලා වෙන බස් එකකට නෑග්ගා..විනාඩි පහලවක් යද්දී අපි දෙන්නා හොටෙල් එකට ආවා .....හොටෙල් එකට පිවිසෙන තැනම ඇපල් ඩෑම් කියලා ලොකුවට තියනවා .... මේ හොටෙල් එකට මන් පුදුම තරම් ආදරෙයි ..මුහුදු වෙරළක් ගාව තියන ලොකු හොටෙල් එකක් ...ඒත් වැඩ කරද්දී එන මානසික පීඩනය ඊට වැඩි යී...
හොටෙල් එකට ඇවිල්ලා අපි දෙන්නා චෙෆ් කිට් එකට බැස්සා...
"ශාරා...අන්න උබව හෙව්වා මරුස් ...උදේම මල පැනලා හිටියේ...එයාගේ කෑම කෝ ඇහුවා...ආවා ගමන් උබට එන්න කිව්වා...."
මන් කිචන් එකට යද්දිම කොල්ලෙක් ඇවිල්ලා කිව්වේ ....
අද මොන මාරාලයක්ද හිතමින් මන් සුසුමක් හෙළද්දී.....මිස්ටර් #කුෂාර මෙන්ඩිස් නැත්නම් කුෂ්..ඇපල් ඩෑම් හොටෙල් එකේ ඕනර්.. ඕනර් පසනල් චෙෆ් කියන කරුමක්කාර රස්සාවට බැඳිලා කරුම ගෙවන සේවිකාවක් මන් ...හොටෙල් එකට තියන ආදරේ නිසා වගේම මට මේ රස්සාව දාලා යන්න බැරි හේතු තියන නිසා මවා ගත්ත හිනාවකින් දවස ගෙවන හිරකාරියක් මන්... කල්පනා ලෝකෙන් ම ලිෆ්ට් එකට නැඟේ ගේ..බොස්ගෙ මුලග්ගින්න කවදා නිවෙයිද කියලා හිතමින්..
හොඳ හුස්මක් අරන් දොර ට තට්ටු කරේ හිත හයිය කරන්...
"කමින්..."
ඒ හඩ...දෙයියනේ...මාව අවුලනව...මාව පුච්චනවා...මවා පන පිටින් මරලා දාන්න පුළුවන් ඒ හඩට..කොච්චර හිත හයිය කර ගත්තද...ඔෆිස් රුම්.එක ඇතුලට ගියේ හදවත වේගයෙන් ගැහෙද්දි....
"සර්...එන්න කිව්වේ ...."
මොහොතකටවත් ඒ මුන දිහා නොබලා..බිම බලාගෙන මන් අහද්දි ...එක්වරම...
...........................මතු සමබන්ධයි.....................
Mr & Miss ISHUWA
ⓕⓔⓔⓛ ⓣⓗⓔ ⓗⓔⓐⓡⓣපහන්ට සෙට් කරමුද ලමයි ශාරාව 





කවුද යකෝ මේ බොස් කාරයා...මොනවද දන්නෑ කියන්න යන්නේ...

ශාරා මොනවද මෙච්චර විඳවන මතක....

