උස්සංගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන
සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම
නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගමරට
මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිදුනේ මගෙ හිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක
එදා තුරුලු වී මටදුන් මධුමල් සුවද
සදා සිහිකරයි වැටකේ ගහයට හෙවණ
කඩා හැලෙන කදුලැලි මුහුවෙලා සයුරට
සදාතනික පැතුමන් මිමිනුවා හදවත
Chamara Weerasinghe

