"අඩෝ ෂාරා ...අඩෝ නැගිටපන්...නිමා අක්කා කොත්තුවක් ගෙනල්ලා..."
අඩ නින්දක හිටිය මට සිහිනයෙන් වගේ ඇහුනේ විනුගේ හඩ ..
"කොත්තුවක් ගෙනල්ලා නම් නිදියලා හරියන්නේ නැනේ.."
"කෑම නම් කවදා කන්න බැරි ද ටිකක් නිදාගනින් ..."
බඩයි නින්ද යි තරගෙට වාද කරද්දී මන් බඩට දිනුම දීලා ඇදේන් නැගිට්ටෙ හිරි අරිමින්...
"ඉක්මනට යමන් නැත්තං කන්න වෙන්නේ නෑ ..."
... විනු මාව ඇදගෙන පහලට ආවේ අඩියට දෙක ට මන් එද්දී කට්ටිය කුබි ගුලක් වගේ
වට වෙලා..8 දෙනෙක් එකම කොත්තුව කනවා කියන්නේ මරා ගැනිල්ලක් තමා.....පරක්කු වෙලා ආවොත් උපරිම කටවල් දෙකක් තමා ..
"අඩෝ මගේ මස් කෑල්ල තියපන්.."
"කට වහගෙන කාපංකෝ..කෙලත් මේකේ...."
"එහාට පලයන්කෝ පුකත් අරන්..."
"පුක අරන් තමා යකෝ යන්නේ නැතුව පුක උබට දීලා යන්න බෑනේ....."
"අම්මෝ හරි පුක ...බලපන්කෝ ලෑලි පුක...හු...."
"අනේ අනේ පල..දැන් උඹේ හරි ලොකු යි..උබෙත් ලෑලි තමා...""
"අඩෝ තොපි ඔවාට මරා ගත්තට වැඩක් නෑ...උබල දෙන්නම ලෑලි තමා...පුක නම් ශාරා තමා ඉතින්..."
මරා ගන්න අස්සේ කොහේවත් ඉන්න මාවත් ඇදලා අරන්...
"අඩෝ කවුද බං මේ ඔල්මාද බඩු ටික පුටුවක් අරන් වාඩි කරපංකෝ....."
"වාඩි උනත් රෑ ට බඩගින්නෙ තමා...."
"මගේ අම්මා කන්න දෙයියෝ..හොදට...."
"අඩෝ එහෙම අසාදරණයි ..එකිට විතරක් ලව්...අපිට හුලං....'
"අඩෝ අර විඩියෝ ඒක බැලුවාද උබලා ..."
"මොන...."
"ඇයි බං අර ළික් වීඩියෝ එක...."
"අඩෝ නෑ මට බලන්න බැරි උනා ..උබ ගාව තියනවාද ඒ වීඩියෝ ටික ..."
"ඔව් ඔව්...අම්මෝ...බං වහා කන්න හිතයි..."
"මේ මට බලන්න ඕනි බං...මොනවද උන් දෙන්න කරන්නේ කියලා ..."
"ආයේ අමුතුවෙන් ඕකේ බලන්න රෙද්දක් නෑ යකෝ...මොකද ඇලක් ගාව ලි ක් වීඩියෝ ඒකක රෙදි හෝදනවා නෑ යකෝ...ලමයි හදන විදිය තියයෙනේ..."
"හරි යකෝ ලමයි හදන විදිය තමා මට බලාගන්න ඕනි...."
"රෑ වෙලා වරෙන්කො අපේ කාමරේට මන් උබ ට කියලා දෙන්නම් මගේ අම්මා...."
"අම්මෝ මෙන්න වැන්දා අක්කේ ඕනි නෑ .."
"යකෝ මනුස්සයෙක්ට ඇහුණොත් අපේ රේදී ලෙප්ට්..."
පේනවනේ ගෑනු ළමයි ඉන්න බෝඩීමක තියන හැදියාව...සිරියාව දොරේ ගලනවා ..මුන් ගේ කියවිල්ල ආස්සෙන් මාත් රිංගලා කටවල් තුනක් කෑවා.නිදි මාර ගාතේ හිටියත් ගේම අත අරින්න බෑ නේ...ඇගිලි දෙකත් සූප්පු කර කර උඩට යන්න පඩි පෙළ ගාවට එද්දී ..
"ළමයෝ බත් කන්නේ නැද්ද..."
"අනේ බෑ ඇන්ටි දැන්...."
ගෙදරින් ආපු දවසේ ඉඳන් අම්මෙක් වගේ ඉන්නේ බෝ ඩීමේ ඇන්ටි තමා...ඇන්ටිටත් ඉන්නේ දුවෙක්..ඇන්ටිලා පහළ අපි උඩ ඉන්නේ...අපේ බෝඩිමේ ලමයි 8ක් ඉන්නවා..අපේ කාමරේ 4ක් ඉන්නවා එහා කාමරේ 4ක් ඉන්නවා..මායි විනු යි වැඩ කරන්නේ හොටෙල් එකක....හොටෙල් එකක කියන්නේ ඉතින් හොටෙල් එකේ වලන් හෝදනවා නෙමේ අපි දෙන්නම චේෆ්ලා...අපි ඔක්කොටම ඇන්ටි තමා උයන්න ඒ අතරේ අක්කලා කඩ සොරු ගෙනාවොත් තමා..
"ඕයි ශරා මොනවද බං කල්පනා කරන්නේ."
බාත් රුම් එකේ කණ්ණාඩියෙන් මගේ මුන දීලා බලන් මනෝ පාරක හිටිය මගේ දැහැන බීදුනේ නිමා අක්කගෙ හඩින්....
"මොකුත් නෑ අක්කේ...තාම නිදි මතයි..."
"ඇයි අද වැඩ වැඩි ද..."
"ඔව් අක්කේ අද ගෙස්ට්ලා ගොඩයි..."
අත් දෙකත් හොඳන් කාමරේට යන ගමන් මන් කියද්දී මගේ බබා අඩන්න ගත්තේ නිමා අක්කා මට රවද්දි ....බබා කියන්නේ මගේ හුරබුහුටි සූටි පොන් එකට ...





"තොට හැම දාම කියනවා ඔය මගුලේ රිගින්ටොන් එක අයින් කරපං කියලා...බලපන්..ඒ පොඩි එකා කෑ ගහන රින්ගින් ටොන් එකේ සද්දෙ ට මගේ පපුව රිදෙනවා යකෝ..."
නිමා අක්කා මට පළු යන්න බැන බැන තුවාය අතට ගත්තේ මන් දත් තිස් දෙක ම පෙන්නමින් ෆෝන් එක අතට ගද්දී....
"හෙලො අම්මා...."
"අද දවසම කෝල් එකක් ගත්තේ නැති නිසා මන් ගත්තේ මැණික.."
"අද දවසම වැඩ අම්මේ...ආපු ගමන් නිදා ගත්තා....දැන් මේ නිමා අක්කා කොත්තුව ක් ගෙනල්ලා එක කන්න නැගිට්ටෙ..."
කාමරේ දොර වහන් මන් බැල්කනියට ආවේ ඇත අහස දිහා බලන්
'අහ් එහෙමද..ගෙදර එන්නේ කවදද දුව ...දැන් මාස දෙකකින් විතර ආවේ නෑ නේ..."
"මන් ලබන සතියේ බලන්නම් අම්මා..නිවාඩු නෑ මට...."
"ම්ම්ම්ම්...බලන්නකෝ දුව ...ඔයාට හොටෙල් එකේ ප්රෂ්නයක් නෑ නේද ....."
"නෑ අම්මා...ඇයි..."
සුසුමක් හෙලමින් මන් කියද්දී...
"නෑ ඉතින් මට තේරෙන්නේ නෑ ඔයා කොහොම ඔහේ වැඩ කරනවද කියලා ..ඔයාගේ කැමැත්තට අපි යන්න දුන්නා මිසක් මල්ලි තත්තයි නම් තාමත් දොස් කියනවා..."
"මන් කරන්නේ ජොබ් එක විතරයි අම්මා..වෙන දෙයක් නෑ ....අනික තව මාස දෙකකින් හෝ තුනකින් මන් මාතරට ට්‍රන්සර් එකක් ගන්න හිතන් ඉන්නේ .."
"ඇයි දුව මාතර ????මෙහෙට ගන්නකෝ..."
"ම්ම්ම් බලමුකෝ අම්මා..."
"ඔයාට රස්සාව කරන්න බැරි නම් ගෙදර එන්න දුව ..ඔයාට කන්න අදින්න දෙන්න තාම තාත්තා ට පුළුවන්..අනික ඔය මිනිස්සු .."
"ඇති අම්මේ ...ඕක ගැන කතා කරන්න එපා....මන් කැමති නෑ...."
"අනේ මන්දා ..ළමයෝ මට තේරෙන්නේ නෑ ....."
"මන් තියන්නම් අම්මා ... කලින් නිදා ගන්න ඕනි...බුදු සරණයි අම්මා..."
"බුදු සරනයි පුතේ "
අම්මා ෆෝන් එක තියද්දී මන් බැල්කනි එකේ බිම වාඩි උනේ රෑ අහස දිහා බලන්..සීතල හුලං පාර බැල්කනි වැට අතරින් මාව සිපගෙන වගේ ඈතට යද්දී මන් ඒ සිසිලසට ඇස් දෙක පියා ගත්තේ සැනසීමෙන්....
සැනසීම අහිමි උන මගේ ජිවිතේට පොඩි හරි සැනසීමක් උනේ මේ බැල්කනිය...මුළු දවසම නැහිලා නැහිලා එන මම වොෂ් එකක් දාන් මෙතනට ආවම හැම දේම අමතක වෙනවා...බෝඩිම එහා පැත්තේ තිබ්බේ කුඹුරු යායක්...කුඹුරු යයෙන් එහා පැත්තේ ගම්පහ ටවුන් එක....ටවුන් එකට විනාඩි 20 ක දුර...ටවුන් එක ළග උනත් මම හිටිය බෝඩිම හරියේ තිබ්බේ ගැමි පරිසරයක්...නිස්කලංක මේ ජිවිතේට මන් ආදරේ කරේ පුදුම විදියට ...ගෙදර යනවටත් වඩා මන් ආසා කරේ බෝඩිමේ ඉන්න...මගේ දැහැන බිඳිලා ගියේ දොරක් ඇරෙන හඩට...බැල්කනියට එන්න දොරවල් දෙකක් තිබ්බ ..එකක් අපේ කාමරෙන් අනික සාලෙන්...අපේ කාමරේ දොර ඇරුනා කියන්නේ වෙන කවුරුත් නෙමේ බැල්කනියට එන්නේ බෝඩිමේ ඉන්න ප්‍රේම ව්රුංග රාජිනී රාශි අක්කා...ෆෝන් එකත් උස්සන් හිමීට බැල්කනියට එන්නේ පත මලකට තමා... ඔය මල පාන්දර 3 ,4 වෙනකම් ඇදේන්නේ අපේ නින්දත් කඩලා...මාත් සද්ද නොකර වාඩි වෙලා ඉද්දී ...
"ශාරා උබද ඉන්නේ..."
රාශි අක්කා අදුර අතරින් ඇස් පුංචි කරන් අහද්දි ...
"ඔව් ඔව් මන් තමා .."
"අම්මෝ යකෝ බය උනා ..ලයිට් එකක්වත් නැතිව මොකද කරන්නේ උබ කලුවරේ......"
"මොකුත් නෑ අක්කේ...මලක් කඩන්න නේද යන්නේ ..අදත් නිදියලා ඉවරයි ..."
අත් දෙකත් ගසමින් මන් හිටගද්දි..
"බබා..මේ අපේ ශාරා මැණිකට හොඳ කොල්ලෙක් සෙට් කරමුකෝ...."
රා ශි අක්කා මාව බදා ගනිමින් කැලුම් අයියට කියද්දී...
"අම්මෝ මේ මට නම් ඕනි නෑ ..බුදු අම්මෝ කොල්ලො නම් එපා...."
මන් රා ශී අක්කගෙ අත කෝනිත්ත මින් කියද්දී ...
"මේ අයියා කියනවා පහන් ඔයාට කැමැතිලු...."
එක් වරම රාශි අක්කා කියද්දී මගේ ඇස් දෙක නලලට ගියේ කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙද්දී...
...........................මතු සමබන්ධයි.....................
Mr & Miss ISHUWA
ⓕⓔⓔⓛ ⓣⓗⓔ ⓗⓔⓐⓡⓣ
ඔන්න බබලා අලුත් කතාව අරන් ආවා...මේක ටිකක් වෙනස් කතාවක් වෙයි ලමයි...

අම්මා ඇයි දන්නෑ ශාරාට හොටෙල් එකට යන්න එපා කියන්නේ...

පහන් කියන්නේ කවුද එතකොට...ශාරගේ ආදරය ද දන්නෑ...?????

