#පළමුවන_කොටස🙂🙂🙂🙂🙂
අද ක්ලාස් යන්න ඕනෙද බුවී🙋 අපි යමුකො ඇතුගල පැත්තට...
නම භාවනා වුණාට ගොඩක් අය කතා කලේ බුවී කියලා🤭🙆
අනේ බං ඊයෙත් කට් කලානෙ..අද යමූ..මොනා උගන්වලද දන්නෙ නැ😖
අනේ අද විතරක් නොගිහින් ඉදල ඔක්කටම හරි යන්න ලබන සතියෙම යමු🤭 හා නේද😁
🤷 අනේ සනූ උබ එක්ක බැ බං..කියන දෙයක් අහපන්කො😒
🌺දැන් ඉතිම් බැ කීවම මූන එල්ලන් ඉන්නවා..මේකි හරි කපටි.අදත් ක්ලාස් යන්න වෙන්නෙ නැ ඉතිම්😒
යමං යමං..මල වාතෙ..
ඔන්න අපි දෙන්න සුපුරුදු පරිදිම අදත් ක්ලාස් කට් කලා🤭 පරණ ජෝඩුවක් වගේ අපි දෙන්න අත් අල්ලන් කුරුණෑගල ටවුන් එකේ ඉදන් ඇතුගල දිහාට ඇවිදන් ගියා🙆
අපි ගලෙන් උඩට නොගිහින් පාරෙ වාහන යන පැත්තෙ ඉදන් යන්න පටන් ගත්තා..උදේ අටේ ඉදන් හවස පහ විතර වෙනකම් තියෙන ක්ලාස් එකක් කට් කරන්නත් එපැයි ඉතිමි😁
සනූ🙋
මොකද බං...
මට මහන්සී😖😖 හිමින් යමන්කො😒
බතලි😒 මෙතන කාල කාල එක මීටරයක් යන්න නැ උබ හතී දාපන්.කොච්චර කියනවද මං වගේ ඇග හදාගනිම් කියල🤭 කෝ අහනවද😒
අනේ උබ වගේ ඇග හදාගත්තොත් ඇතුගල උඩට නැග්ගම එන හුලගට මට පාවෙන්න තමා වෙන්නෙ😂
අනේ පලයං යන්න😒
මේ ඇති කටුස්සියේ..හිමින් යමු.. ඒයි අර බඩඉරිඟු 😋😋
ඔන්න දැක්කනෙ..දැන් ඉතිම් උඩට යනකම් තියෙන කඩවල් වලින් මොනාම හරි කන්න ඕනෙ..උබ මහත් නොවී ඉදීයෑ🤷
කටවහන් වරෙන් යන්න..
මං එහෙම කියල සනූවත් ඇදන් බඩඉරිඟු ගන්න ගියා..අපි දෙන්න බඩඉරිඟුත් කකා උඩටම ගියා...
බුවී...බුවී..
මොකද යකූව්😒😒 කන්න දීපන්කො.යකෙක් දැකල වගේ මොකද .
අර බලපන්කො..කොල්ලො ටික බොනවා😒 බිබී සිංදු කියනවාද😐😐
මුන්ට මම....
මේ බුවී නැවතියන්..කොහෙ ගියත් උබ වලි දාගන්නනෙ හදන්නෙ😖
ඈ යකෝ..මුන්ට බොන්න ඕන්නම් ඕනි තරම් තැන් තියෙන්නෙ.මුන් මේ මෙතනට ඇවිත්ම බොන්නෙ.බේබද්දො😣
අපිට වැඩක් නැනෙ.වරෙන් යන්න අපි එහා පැත්තෙන් යමු..
සනූගෙ බල කිරීමටම මම පාරෙ එහා අයිනෙන් ගියා..ඇත්තෙන්ම අපි මේ යන්නෙ වාහන යන පාරෙ නිසා සෙනග අඩුයි.සෙනග ගියත් යන්නෙ වාහන වලින්.පයින් යන අය නැති නිසාම බයක් නොදැනුනා නෙවේ😖
ආ...නංගී😂
කටපියන් යමන් ඇහුනෙ නෑ වගේ..බිම් බලන් යමාන්...
සනූ මගෙ අත තද කරන් එහෙම කියාගෙන මාව ඇදගෙන වගේ ගියා..
මොකද මැණිකෙල කත නැත්තෙ..එන්න බයිට් ටිකක් කමු😋😋
එහෙම කියනවත් එක්කම කොල්ලෙක් රටකජු ඇට වලින් අපිට ගැහුවා..තවත් කටපියන් ඉන්න බැරිම තැන මන් සනූගෙ අත ගසල දාල ගියෙ උන් හිටපු තැනට😒
මොකක්ද තමුසෙ දැන් කියන්නෙ🙄
ඇයි නංගී,කේන්ති ගිහින්😁 වදින්න යන්න කලින් අපිට ඕන්නම් අර පැත්තට ගිහින් ආවැහැකි..
කොල්ලෙක් එහෙම කියල ඈතින් පේන කැලේ පෙන්නුවා..
ශික්😣 තමුසෙලා මහ ජරා මිනිස්සුනෙ..
මේ තමුසෙගෙ කට වැඩි හොදේ..
එහෙම කියනවත් එක්කම මගෙ කට මිරිකුවෙ එතන හිටපු කොල්ලෙක්..
දේව්..එපා බං යන්න දියන්..
එහෙම කියල තවත් කොල්ලෙක් එයාව නතර කරන්න හැදුවා..
උබ ඉදපන්..මේකිට මම....😡
අතඇරපන් යකෝ...
මං එහෙම කියල වේගෙන් එයාගෙ අත ගසල දැම්ම..
තුරිසන්නු වගෙ වෙන්න එපා.තමුසෙලාට බොන්න ඕන්නම් යනවලකො බාර් වලට.මේ වගේ පූජනීය තැන් ඔය වගේ රාක්ෂයො හිනදයි විනාස වෙන්නෙ.තමුසෙල මගෙන් පාඩමක් ඉගෙන ගන්නවා.ආයෙ කෙල්ලන්ට කරදර කරන්න හිතන්නවත් එපා..
එහෙම කියල මං ඔහුගෙ මුහුනට ඇගිලි පහම හිටින්න වගේ කම්මුල් පහරක් ගැහුවා😒 ඒ ගහල සනූගෙ අතත් අල්ලං මං ඉක්මනට ආවෙ පිළිම වහන්සේ දිගාවට.සෙනග හිටපු නිසා හිතේ භය ටිකක් නැති වුණා..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
දේව්..🙄
ශික්😣 ආයෙ මට ඕකිව අහුවෙයිනෙ..මං බලාගන්නම්😒
කූල් ඩවුන් මචන්
කූල් ඩවුන්🙄 අනේ පලයන් බං යන්න.ඒ බැල්ලි අද අත ඉස්සුවෙ සිහින,සිහින දේවාන්ට යකෝ😒 රංග රත්නායක ඇමති තුමාගෙ එකම කොල්ලට😏
අතෑරල දාපන් බං🤷
බලාගමු..මේ ඇති මෙතන හිටිය වරෙන් යන්න මට ගෙදර යන්න ඕනෙ😒
යමං යමං..අද කෙල්ලෙක්ගෙන් ගෑවනෙ.උණ වගේ ඇති..පළවෙනි පාරනෙ😂😂
උබ මගෙන් කන්න එපා😒
හරි හරි යමන්..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
කතාවෙ අඩුපාඩු කියන් යන්න🙋🌺😍

