*පළමු කොටස *
📻
රේඩියෝවෙන් ඇසුණු අප්පච්චීගේ හඩින් තිගැස්සී ගිය පාරමී ගේ නෙතු, කියවමින් සිටි නවකතාවේ u අතහැර රේඩියව වෙත වහා දිව ගියේ තම පියාව දැක ගැනීමට මෙනි.
ලියනගේ මහතා, තම දියණිය වෙනුවෙන් සුසර රේඩියෝව තුලින් ගීතයක් ඉල්ලුම් කරමින් සිටියේ තම දියණිව පුදුම කිරීමේ අරමුණෙනි. දවස මුළුල්ලේම පාරමී ගේ දෙසවන් ගුවන්විදුලි මතම රැදෙනබැවු දන්නා නිසාම ඔහු ඇගේ 21වන උපන්දිනයට එතුලින් සුභාෂිංසණ එක් කළේය.
".. මොකද දරුවෝ රේඩියෝව දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ...?"
කඩිමුඩියේ ගෙතුළට පැමිණි ලියනගේ මහත්මිය තම දියණිය දෙස විමසිලිමත් වෙමින් ඇසුවාය.
ලියනගේ මහත්මිය කුඩා ව්‍යාපාරයක් ලෙස නිවසට යාබද කොටසේ මල් පැල අලවිසැලක් පවත්වාගෙන යයි.
"... අම්මි... අම්මි, ඒ අප්පච්චී..."
පාරමී පවසනවිට ලියනගේ මහතාගෙ හඩ මැකීගොස් අවසන් ය.
"... ඔයාට පිස්සු... අප්පච්චිට කොහිද ඕවට වෙලාවක්...?"
ඇය පාරමී ගේ වදන් මායිම් නොකර තම නිදන කාමරය තුලට ගියාය. ඇය එසේ කළබලයෙන් කාමරයට යන්නේ ගනුදෙනු පියවීමට මාරු සල්ලි හිග වූවිට බව පාරමී දනියි.
ලියනගේ මහතාගේ රාජකාරි කටයුතුත්, ලියනගේ මහත්මියගේ ව්‍යාපාර කටයුතුත් සමග ඔවුන් දෙදෙනා කාර්යබහුල වනවිට ඇතැම්විටක තම දරුවා පිළිබඳව අවදානය ඔවුන්ගෙන් ගිලිහෙයි.
තමා පිළිබද අවදානය ඔවුන්ගෙන් ගිලිහීයන අවස්තාවන් වලදී ඇය තම සිතැතියාවන් පැවසීමට සොයා ගියේ තම පුංචි අම්මාව ය.
කුඩාකළ සිටම පොත පතට, සංගීතයට, ගුවන්විදුලියට හුරුවෙමින් තනිවූ පාරමී ගේ වැඩිවියට කෙටි කාලයකට පෙර, පොඩි බාප්පා විසින් මහ ගෙදරට කැටුව ආ අමුත්තිය කාලයේ ඇවෑමෙන් පාරමී ගේ දෙවැනිමව විය. ඇතැම් අවස්ථාවලදි ලියනගේ මහත්මියටත් වඩා හොදින් පාරමී ව තේරුම්ගත් ඇයගෙන් පාරමී විසල් වූ සෙනහසක් ලද්දා ය.
මහත් උද්දාමයක් ලද මේ මොහොතේ අත රැදි නවකතා පොත ටීපෝව මතට දැමූ පාරමී මහ ගෙදරට දිවුවේ දිලානි පුංචි අම්මා සොයාගෙන ය.
"... පුංචී.... පුංචී...."
ඇය නොදරුවෙකු ලෙසින් හඩගාමින් නිවසට ඇතුලුවනවිට දිලානි රූපවාහිනියෙන් නෙතු ඉවතට ගත්තාය.
"... හේයි.... අප්පච්චි කතාකළා..."
පාරමී නොදරුවෙකු ලෙසින් කියද්දි දිලානි එය මයිම් නොකළා ය.
"... ඉතිං ඔච්චර උඩ පනින්න දෙයක්ද ඒක. අප්පච්චි වෙනදටත් කතාකරනවනේ..."
ඇය සිනහවක් සමග පිළිතුරු දෙමින් නැවතත් තම අවදානය රූපවාහිනිය දෙසට යොමු කළා ය.
"... නෑන්..නෑ..... අප්පච්චි සුසර FM එකට call කරලා මගෙ Birth day එකට wish කලානේ.. song එකකුත් request කළා...."
"... මොකක්.. Major ලියනගේ එහෙම කළා...?"
දිලානි දෑස් අයාගෙන ඇසුවා ය. ලියනගේ මහතා ඉතාම තද ගති ඇති අයෙක් වන බැවින් එවැන්නක් කරාවියැයි කිසිසේත්ම සිතිය නොහැකි නිසාම දිලානි අදහාගත නොහැකිව බලා සිටියා ය.
❤️ නොනිමි පාරමී ❤️
දෙවැනි දිගහැරුම..
මතු සම්බන්ධ වේ
ආදරයට ආදරය කරමින් " නොනිමි පාරමී " පුරන හැමොගේම අදහස්, යොජනා චෝදනා සියල්ලම මෙහි සටහන් කරන්නේනම් එය ලස්සනම ලස්සන අරුත්බර වූ නවකතාවකට ආදරණීය මගපෙන්වීමක් වනු ඇත...
❤️ නොනිමි පාරමී ❤
✍️
#DinusheeGunarathna
දිනූෂී ගුණරත්න

