( මුල් කොටස් කියවන්න පහත link එක use කරන්න 👇 )
https://mgepothgulaa.blogspot.com/2020/08/01_18.html
* * * දෙවැනි දිගහැරුම * * *
" මේජර් ලියනගේ කියලා කිව්වද...?".... " කෑම්ප් එකේ නම කිව්වද...?" ... " ඔයාට වැරදිලා වෙන්න බැරිද...?" ... " මටනම් හිතෙන්නේ ඔයාට වැරදිලා .... සරත් අයියා එහෙම දේවල් කරන්නෙ නෑනේ..."
දිලානි, පාරමී කී දේ විශ්වාස නොකලා ය.
" නෑනෑ..... නෑ නෙවෙයි අනේ.... එයා මේජර් ලියනගේ කිවේ නෑ.... camp එක කීවෙත් නෑ.... ඒත් එයා සරත් ලියනගේ කීවා.... දුව පාරමී උපේක්ෂා ලියනගේ කීවා.... "
" බොරූ....... ?"
" නෑ නෑ.... පාරමී උපේක්ෂා ලියනගේ මගෙ දුව.. අද එයගේ 21 වෙනි උපන් දිනය... එයාට වාසනාවන්ත සුභ අනාගතයකට අම්මා මාලනී ලියනගේ සහ මම සුභ පතනවා... කීවා.."
" ඈහ්හ්හ්.... එහෙමද...? එහෙනම් එයා වෙන්නත් පුලුවන්..."
පාරමී නොදරුවෙකු ලෙසින් තර්ක ගොඩනගද්දී දිලානී අනුකම්පාවෙන් මෙන් පාරමී ව අනුමත කළා ය.
" මේ ඉතින් birthday girl ගෙන් අපිට special මොනවද අද...?"
" මගෙන් මොන special ද... ඔයාලනේ මට දෙන්න ඕනි...."
කතාව වෙනතකට හරවමින් දිලානී ඇසූ දෙයට පාරමී සිනාවත් සමග පිළිතුරු දුන්නත් අද දිනය ඇයට තවත් එක් දිනයක් පමණක් ලෙස උදා විය. නමුත් අම්මගේ කිරිබත් මේසය වැරදුනේ නැත. සුපුරුදු ලෙසම පියාගෙන් එකදු සුභ පැතුමක් පිලිබදව වත් ඇයට බලාපොරොත්තුවක් නොතිබිණි.
නොතේරෙන අවදියේ දී ඇයත් තම අයිතිය ඉල්ලා හඩා වැටුණා ය, වැලපුණා ය. තම උපන් දිනය දා පමණක් හෝ තම මව සහ පියා දෙපසින් තබාගෙන ලස්සන ඇදුම් ඇද හැඩ බලන්නට... ලස්සන කේක් ගෙඩියක් කපා රස බලන්නට, තෑගි ගොඩක් මැද.... සුභ පැතුම් රැසක් මැද... ආදරණීයයන් පිරිවරාගෙන සතුටු වන්නට.. තම අයිතිය ඉල්ලා හඩා වැටුණා ය.
ඇයගේ 16 වන උපන්දින දා ද ඇය එලෙස හඩා වැටුණා ය. .. එහෙත් ඒ තමන් පිළිබඳව උපන් ආත්මාර්ථය නිසා නොව තම පියා වෙනුවෙන් සිතෙහි දෝර ගලන උත්තරීතර වූ සෙනෙහස නිසාවෙන්ම ය.
ලියනගේ මහතා රාජකාරි කළ කදවුර ත්රස්තවාදීන්ගේ දරුණු ප්රහාරයකට ලක්ව ලියනගේ මහතා මරණය අභිමුව යැයි ආ පණිවුඩය සමග උත්තරීතර පිය සෙනෙහස ඉල්ලා ඇය හඩා වැටුණා ය.
.... තම පියාගේ ජීවිතය රැක දෙන මෙන් බුදුන්ගෙන්, දෙවියන්ගෙන් අයැදුවාය. තම ආත්මාර්ථවූ සිත තුටු කිරීමට තම පියාගේ හෝ මවගේ සිත් නොරිදන බවට ඇය නොපෙනෙන දෙවියන්ට.... ස්වභාදහමට පොරොන්දු වූවා ය...
දින, සති, මාස ලෙස කාලය ගෙවෙමින් ලියනගේ මහතා කෙමෙන් සුව අතට හැරෙද්දී පාරමී කෙමෙන් ආත්මාර්ථය අතහැර පරාර්ථය ට පෙම් බදින්නට වූවා ය.
" හ්ම්ම්ම්... "
දිලානිගේ සුසුමින් සිතුවිලි දැහැන බිදී ගිය පාරමි තිගැස්සුණි.
" බාප්පා අද හවසට ගමනක් දාගෙන ඉන්නවා... පාරමී ගේ special plans නැත්නම් යමු කියල මම කීවා..."
" මොන special ද පුංචි... අප්පච්චිට මට wish කලානේ... ඒක තමයි special ම දේ .... වෙන මොකුත්ම ඕනී නෑ මට... හවසටත් call කරයි එයා..."
පාරමී උපේක්ෂා ලියනගේ නම් වූ අවිහිංසකාවිය දෙස දිලානි බලා සිටියේ මහත්වූ සෙනෙහසකින් ය.
" ඔයාට දුකයි ද...?"
" නැහැ... අප්පච්චිට මතක් වෙලා මගේ birthday එක.... ඉතිං සතුටුයි මට..."
පාරමී තම නෙතු දිලානී ගෙන් සගවා ගනිමින් කීවේ හේතුව නොකියන කදුලු කැටිති රෑණක් නෙත් අග්ගිස්සට ගලා එනු දැනුණු නිසාවෙන්ම ය.
" මම යනවා පුංචි... ඔයාල පරිස්සමින් ගිහින් එන්නකෝ...."
පාරමී තවත් මොහොතකදූ රැදී නොසිට දිලානි ගෙන් සමු ගත්තා ය. මවුපියන්ට කීකරු අවිහිංසකාවියක් වූ පාරමී තම සිතෙහි උපදින සිතුවිලි කවියට, නිසදැසට හරවමින් මහත් වින්දනයක් ලබන්නී ය. ඇගේ කවි පද ස්ංකල්පනා බොහෝ ඇගයුම් වලට ලක්වී ඇත.
සුසර fm තුලින් විකාශය වන " සදමඩල යට" වැඩසටහනට කවිපද සංකල්පනා ලියන ඇගේ එම කවි පද සංකල්පනා "සුසර fm සදමඩල යට " නම් වූ face book පිටුවෙහි දී ඉමහත් රසික පිරිසකගේ ඇගයුමට ලක් වෙමින් තිබේ.
පාරමී නැවත සුපුරුදු අසුනට බර වූයේ කියවමින් සිටි නවකතා පොතද අතට ගනිමින් ය.
"... දූ ඔයාගේ වැඩ තියනවානම් ඉවරකර ගන්නකෝ.... හවස්වෙලා අපිට මලිත් ගෙ restaurant එකට ගිහින් එන්න යන්න වෙනවා..."
ලියනගේ මහත්මිය කියනවිට පාරමී නොරිස්සුම් වූවාය..
".. ඒ මොකටද ..?"
".. cheque වගයක් දාන්න සල්ලි මදි කියලා මලිත් අප්පච්චිට call කරලා... අප්පච්චි කිවා ගිහින් දීලා එන්න කියලා.."
නෑදෑ කමෙන් මස්සිනා වන මලිත් ව පාරමී ට රුස්සන්නේම නැත.
" .. එයාට ඕනිනම් අවිත් ගන්න කියන්න... අපි ළගට ගිහින් දෙන්න ඕනී නෑනේ..."
මලිත් මොන දේ කලත් කීවත් තම දියණිය ඒ සියල්ලගේම වරදක් දකින බව ලියනගේ මහත්මිය දන්නා රහසකි.
" .. ATM එකට යන්න ඕනි සල්ලි ගන්න... එනින් ගමන් දීලා ම එමු.."
ලියනගේ මහත්මිය කියනවිට පාරමී නිහඩ වූයේ ඉන් එපිටට තර්ක කිරීමෙන් පළක් නොවන නිසාවෙන්ම ය.
සවස අදුර වැටිගෙන එද්දී සැහැල්ලු ටී ෂර්ටයකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසුණු පාරමී කාමරයෙන් පිටතට ආවේ තම මව සමග Restaurant O-maya වෙත යාමට යි.
" මොකක්ද ඔය ඇදගත්තේ... birthday එකට ගත්ත ගවුම අදින්නකෝ දූ...."
".. අනේ අම්මි... Town යන්න ඒක අදින්නේ අපරදේ.... අනික අර මලිත් meet වෙන්න යන්න...? ... මට බෑ..."
ඉන් එහාට පාරමී සමග ලියනගේ මහත්මිය ට තර්ක කිරීමට ඉඩ නොතියාම ගේට්ටුව දෙසින් නලා හඩක් ඇසෙන්නට විය.
".. නිමල් uncle ආවා.. "
තම මොහොතක් හෝ සිටියහොත් අම්මගේ ඉල්ලීමට අවනත වන්නටම සිදුවන නිසා පාරමී හනිකට ගොස් ත්රීවීලරයට ගොඩවුණා ය.
මතක ඇති දවසේ සිට ඔවුන් ගමන් බිමන් යන්නේ නිමල්ගේ ත්රීරෝද රථයෙනි. ලියනගේ මහත්මිගේ වැඩ කීපයකටම කාලය වැයවූ බැවින් ඔවුන් Restaurant O-maya වෙත යද්දී තරමක් රෑ බෝ වී තිබිණි.
එහි උත්සව ශාලාවේ යම්කිසි උත්සවයක් පැවැත්වෙන බව පාරමීට අනුමානකළා ය.
"... මලිත් කොහෙද දන්නේ නෑ..." යි පවසමින් ලියනගේ මහත්මිය උත්සව ශාලාව දෙසට ගමන් කරන්නටවිය.
"... අම්මි.. උඩ function එකක් වගේ... මලිත් ට call එකක් දෙන්නකෝ..."
පාරමී කියද්දි ලියන මහත්මිය නෑසුකන්ව පියගැටපෙළ නගිමින් උන්නා ය.
".. අහන්නකෝ අම්මි... උඩ function එකක් වගේ... අපි එතනට යන එක හරි නෑ..."
ඇය නැවත නැවත පැවසුවත් ලි

