එකෝමත් එක කාලෙක කපුටුහාමි කෙනෙක් ජීවත් වුනා.දවසක් මේ කපුටුහාමිට හොඳටම බඩගින්නක් හැදුනා.ඉතිං මේ කපුටු හාමි කන්න මොනාහරි හොයාගන්න පියාඹන්න පටන්ගත්තා.
ඔහොම පියාඹගෙන යනකොට එක ගෙදරක කේජු කෑල්ලක් තියෙනවා පෙනුනා.ඉතිං කපුටු හාමිට ගොඩක් සතුටුයි.කපුටු හාමි හොඳට වටපිට බලලා ඉක්මනට ගිහින් කේජු කෑල්ල කටින් ගත්තා.මේ කපුටු හාමි කේජු කෑල්ල කන්න කියලා හිතාගෙන ගහක අත්තක් උඩ වැහුවා.
ඔන්න ඉතිං ඔය වෙලාවේ මේ හරියට කපටි නරියෙක් ආවා.කපුටුහාමියි කේජු කෑල්ලයි දැකපු නරියගේ කටට කෙල උනන්න පටන්ගත්තා.නරියා බොහොම කපටියිනේ.
මේ නරියා කරේ මොකක්ද දන්නවද, යාළුවේ කපුටු හාමි මම අහලා තියෙනවා ඔයාගේ කටහඩ හරිම මිහිරියි කියලා ඒ නිසා ලස්සන සිංදුවක් කියන්නකෝ කියලා කිව්වා.කපුටු හාමිටත් ගොඩක් සතුටුයි.ඉතිං කපුටු හාමි සිංදුවක් කියන්න කට අරිනකොටම කටේ තිබුන කේජු කෑල්ල බිමට වැටුනා.
බිමට වැටුන කේජු කෑල්ල ඉක්මනටම අහුල ගත්ත කපටි නරියා එතනින් පැනලා ගියා.අන්තිමට බඩගින්නේ හිටිය කපුටු හාමිට තිබ්බ කේජු කෑල්ලත් නැති වුනා.
ඔන්න පුංචි දුවේ පුතේ අපිට මේ කතාවෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් නේද.

.jpg)