" ජිවිතය සොයන ඇය "
(කෙටි කතාවකි)
මෙය සත්‍ය කතාවකි..... මගෙන් කල ඉල්ලිමක් පරිදි අකුර කරමි...... ඇයගේ හිතේ වේදනාව බිදක් හෝ පහා කිරිමේ බලාපොරොත්තුවෙන් ලියමි ......
මේ අර දවස් තුනක් පැනලා ඉදලා එක්කන් ආපු කෙල්ල නේද...
.. ඒ කෙල්ලගේ අම්මානම් හෙන බලු වැඩේ නේද කලේ......
ඔව් කියලා වැඩක් නෑ සුමනා .... බන්දලා දෙනවා කියලා එක්කන් ඇවිල්ලා කොල්ලව ගේට්ටුව ගාවින්ම එලවලා දැම්මානේ .... ඒ කොල්ලා බල්ලෙක් වගේ වැටිගෙන ඇඩුවේ.....
එකනේ පුදුම අම්මෙක් තමා නේද ලලී අක්කේ... හිතක් නැති ගානට ඉන්න හැටි.....
සුරංගා නැන්දේ... සුරංගා නැන්දේ.... ඒ කෑගහන්නේ යසිත්..... පැනලා ගිය ජෝඩුවේ කොල්ලා තමා මේ... එතකොට සුරංගා කියන්නේ හසරාගේ අම්මා ... ඒ කියන්නේ පැනලා ගිය කෙල්ලගේ අම්මා.....
ඉදපන් මගේ හසරාව..... ඇයි හිර කරන් ඉන්නේ ..... මට දෙනවා කියලා නේද එක්කන් ආවේ..... බොරුකාරයෝ.... ලැජ්ජා නැද්ද..... හසරා බැහැපන් එලියට......
මට ආදරේ නැද්ද.... මාව පිස්සෙක් කරන්නද ඕනා උබටයි උබලාගේ අම්මාටයි......
කොච්චර කෑගෑහැව්වාත් හසරා එලියට ආවේ නෑ... ඒ වගේම හසරාගේ අම්මා දොරත් හයියෙන් වහා ගස්සෙන් ගියේ කොල්ලාව බල්ලෙක් ගානට දමාය.....
බලන්නකෝ මේ ගෑනි.... කෙල්ලගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන ලස්සන ..... කිසිම බයක් නැතුව පැනලා ගිහින් එක්කන් ඇවිත් ගෙට දාගෙන ඉන්නවානේ....
💝💝සතියකට පසු💝💝
මේ මාලු ටිකක් නැද්ද කුමාරි .... අද අපේ හසරාගේ කොලුවා එනවානේ දවල්ට ඒ ලමයාට ඉතාලි යද්දි අරන් යන්න මාලු ඇහැව්වා..... කියා සුරංගා දත් තිස් දෙකම දාලා අහන්නේ හරි උජාරුවෙන්....
කවුද මේ අර යසිත් කොලුවා ඉතාලි යන්නද යන්නේ සුරංගා ....
උබට පිස්සුද බන් කව්ද ඒ හිගන්නාව බෑණා කරගන්නේ.... අපේ බෑනා මිගමු කෙනෙක්.... මන් යනවා උයන්න පරක්කු වෙනවා.....
මේ අනේ අර හසරා කෙල්ලව ඉතාලි කොල්ලෙක්ට සෙට් කරලා මේ ගෑනි.....
එකිට සල්ලිනේ ඕනා කුමාරි... කෙල්ලගේ ජිවිතේ ගැන හිතන්නේ නෑ... බැදපු ලමයි ඉන්න මිනිහෙක් හරි කමක් නෑ ඉතාලිනම් ... අපේ සුමල් කට වහන් ඉන්නවානේ කොන්දක් නැති මිනිහෙක් වගේ ... මන් එහෙම උනානම් දනි කරන දේ ඔය වගේ උන්ට.....
දවස් ගානක් ආව ගිය බෑනා හසරා පැනලා ගිහින් එක්කන් ආපු කෙල්ලෙක් කියලා දැනගත්තාම එකපාරම අතුරුදහන් උනා..... ඒ ලැජ්ජාවට සති දෙකක් විතර සුරංගා එලියට ආවේ නෑ....
ගමේ මිනිස්සු හිතුවා ඒ වෙච්ච දෙයින් මට්ටු වෙන්න ඇති කියලා .... එත් ආයේ සුරංගා ඉතාලි සෙල්ලම පටන් ගත්තා....
කාලයත් එක්ක හසාරාගේ අම්මා වෙනස් වෙයි කියලා යසිත් ගේ ගාව හැමදාම කෑගෑහැව්වා.... එත් හිත සැනසෙන්නවත් හසාරා එලියටවත් ආවේ නෑ .... යසිත්ගේ හිත හොදටම කැඩුනා.....
හසාරාත් හැමදාම හිතින් ඇඩුවා...... එත් කරන්න දෙයක් නෑ .... හසාරා අසරණයි හොදටම....
💝💝සතියකට පසු ❤️❤️❤️
හසාරාගේ වෙඩින් එක ඉතාලි මනමාලයා එක්ක ලෑස්ති උනා .... ලස්සනට ජයට ගමේ හැමෝටම කියලා ලොකුවටම ගත්තා.... හැමෝම කිව්වේ මෙහෙම හරි කමක් නෑ බැදලා හොදින් හිටියොත් ඇති අර කොල්ලත් බැදලානේ.....
යසිත් ගෑනු ලමයෙක් එක්කන් ආවා බැදලා .... ලස්සන පොඩි හුරු බුහිට් ගෑනු ලමයෙක්.... යසිත් මහන්සි වේලා හම්බ කරන්න ගත්තා...... හිමින් හිමිට ගේ හදන්න ගත්තා...ටිකෙන් ටික දියුණු උනා..... ඒ ගෑනු ලමයත් ගාමන්ට් ගියා ....දෙන්නාම මහන්සි උනා ජිවිතේ ජය ගන්න......
ඒ එක්කම හසාරාත් හොද ලොකු ගේක තනි අයිතිකාරි උනා.... ගෙදර උන්නේ හසාරායි ඒ කොල්ලායි විතරයි..... ගොඩාක් සැප එක්ක හසාරා ගොඩාක් සතුටින් උන්නා.....
මාස දෙකකට පස්සේ හසාරාගේ හස්බන්ඩ් ඉතාලි ගියා ..... හසාරා හොදට කාලා බිලා ඇදලා ගෙදර සැපෙන් ජිවත් උනා.....
ආ.... කුමාරි.... වැඩ වගේ .....
ඔව් සුරංගා ... මොකෝ මේ පැත්තේ..... දැන් කෙල්ල නැතුව පාලුයි වගේ නේද...... ඒ ලමයා ගියාලු නේද.. ඒ ලමයා දන්නවාද හසාරා පැනලා ගිහින් එක්කන් ආපු සිද්දිය....
ඔව් කුමාරි එකටම එපා කියලා ගියා ඒ ලමයා.... ඊට පස්සේ අපේ හසාරාවම ඕනා කියලා ආපහු ආවා...... කියා සිනාසෙමින් සුරංගා කිව්වේ හදෙහි පිරි සතුටිනි......
එක හොදයි .... පස්සෙට ප්‍රශ්න නෑනේ එතකොට.....
කාලය කෙමින් ගෙවිලා ගියේ හසාරාගේ ජිවිතේ අදුරු කලේ උදා වෙමිනි......
උබ පැනලා ගිහින් එක්කන් ආපු ගෑනියෙක්ද හසාරා.... උත්තර දිපන්..... මේ ඉතාලියේ ඉන්න මිනිස්සු කියන්නේ අපේ වෙඩින් පොටෝ එක පෙන්නපුවාම ..... කටේ පිට්ටුද.....
ඔව් ඇයි අම්මා කිව්වේ නැද්ද ඔයාට .... අම්මා කිව්වානේ ඔයා දන්නවා කියලා ඔක්කෝම....
බැහැපන් මගේ ගෙදරින් එලියට ..... උබ හිතුවාද අනුන්ගේ ඉදුල් කන බල්ලෙක් කියලා මම..... මාව රවට්ටලා මෙතන එනවා තව කියවන්නේ ....පලයන් මගේ දැහැට නොපෙනි..... උබව ඩිවොස් කරනවා.... උබ වගේ ගෑනියෙක් මට එපා.... මන් කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නේ.... අම්මා වගේ ඇතැයි දුවත්......
එසේ බැන පොන් එක කට් කලා වගේ හසාරාගේ ජිවිතෙත් කට් වේලාම ගියා......
අම්මාගේ වැඩ නිසා දුවගේ පවුල කැඩුනේ යනුවෙන් ගමේ මිනිස්සුන්ගේ කට කතා මැද ගෙදරටම උනේ ලැජ්ජාව දරාගන්න බැරුවය....
ඒ එක්කම යසිත්ගේ පවුල් ජිවිතේ හරිම ලස්සනට ගලා ගියේ හසාරාව ඇතුලෙන් පිච්චෙමිනි......
අර බලපන් හසාරා උබේ යසිත් දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.... ඒ කෙල්ලව හොදින් බලාගන්නවා..... ආස හැමදේම අරන් දෙනවා... ගේ හදලාත් ඉවරයි....තාත්තා කෙනෙක්ගෙන් වෙන්න ඕනා යුතුකම් ඔක්කෝම කරනවා.... උබට පින නැතුව ගියා ඒ ආදරෙට කෙල්ලේ.....
හසාරාගේ ඇස්වල කදුලු පිරුනේ තමාගේ බඩේ වැඩෙන දරුවාට තාත්තෙක්ගේ ආදරේ ලබන්න පින නැති නිසා....... මන් කරපු පව් ඒ නොදන්න දරුවාට විදවන්න වේලා තියෙන්නේ..... මගේ අම්මා තමා මාව මේ තත්ත්වයට පත් කලේ.... අන්තිමට මගේ ජිවිතේ විනාශ උනා......
එදා හසාරාගේ අම්මා තාත්තා ඔයිට වඩා දුවගේ ජිවිතේ ගැන හිතුවානම් යසිත් වගේ ලස්සන පවුල් ජිව්තයක් හසාරාටත් තියෙන්න ගියා......
💗💗💗නිමි💗💗💗
යාලුවනේ අවසානේ දුකක් තමයි.... එත් කරන්න දෙයක් නෑ ... කතාව වෙනස් කලේ නෑ ...... ඇත්ත විදියට දැම්මා..... කොහොමද කියලා කියන් යන්න....... කමෙන්ට් වැස්සක් ඕනා..... ස්තුති .... ජේසු පිහිටයි .....

