_____________________________________________
මෙහි එන නම් ගම් සියල්ලම මනඃකල්පිත වන අතර සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද්දකි.
_____________________________________________
ආ නංගී...මොකෝ මේ පැත්තෙ ආවෙම නැත්තෙ කෙල්ල😐😐
ක්ලාස් තිබ්බෙ නෑ අයියේ මේ දවස් ටිකෙ..කොහොමද ඉතිම්
ඉන්නව ඉන්නව ඔහේ...වැඩක් කරගෙන
නංගිල මොනාද කන්නේ🙄
රයිස් දෙකක් දාන්න අයියේ...
🍁ඒ අයේෂ්මා...මං සහස් ලක්ෂිත🤗 මං වැඩ කලේ කෑම කඩේක. ටවුන් එකේ ක්ලාස් යන ගොඩක් ලමයි එන්නෙ අපෙ කඩේට කෑම කන්න.අයේෂ්මත් එහෙම ආපු කෙනෙක් තමයි.දැන් නම් මාත් එක්ක ගොඩක් ෆිට් බොක්කියක්🙈🙈
✍️_______________❣️_______________✍️
මාස ගානකට පස්සෙ ඔන්න ආයෙත් මේකි එනව අපේ කඩේට..අදනම් එන්නෙ තනියම😬😬
ආ...මොකද අද කෙල්ල තනියම..
මෙන්න මේකි ආව ගමන් ඉදගෙන අඩන්න ගත්තා..මමත් භය වෙලා වගේ කෙල්ල ලගම තිබ්බ පුටුවක ඉදගත්තා
නංගී ඇයි මේ..මොකක්ද ප්‍රශ්නෙ ඇයි අඩන්නෙ..
අයියේ මං ලොකු ප්‍රශ්නෙක.මට කියන්න කවුරුත් නැ.මට ගෙදර යන්නත් බෑ.මං..මං යනව මැරෙන්න.
එහෙම කියල මේකි නැගිට්ට ගමන් කෝච්චි පාර දිහාට ඇවිදන් ගියා..මමත් කඩේ හිටපු කොල්ලට කඩේ බලාගන්න කියල කෙල්ල පස්සෙන්ම ගිහින් නතර කරගත්තා..
මොකද ඕයි වෙලා තියෙන්නෙ.ප්‍රශ්නයක් තියේනම් කියපම්.මැරෙන්න ඕනෙ නෑ.මං විසදන්නම්..මැරෙන්න තරම් මොකක්ද වුණේ..
හැමදේම ....හැමදේම වුණා😒💔💔💔
එහෙම කියල මේකි ඈත එන කෝච්චියට පනින්න හැදුවෙ.මම කම්මුල් පාරක් ගහල නැවතියන් කියල මේකිට සැර කලා..එහෙම කරල ලගම තිබ්බ වීල් එකක් අරන් කතා කරන්න පුලුවන් නිදහස් තැනකට ගියා..
මේ අහපං නංගි.උබ නෙවේ ජීවිතේ වරද්දගත්ත එකම කෙල්ල.මෙතන මැරෙන්න දගලන්නෙ..
ජීවිතේ වැරදුනා විතරක්නම් මට හංගන් ඉන්න තිබ්බ.සමාජෙන් ඈත් වෙලා..දැං මට ලොකෙටම මූණ දෙන්න බෑ අයියේ ...
ඇයි උබ ප්‍රෙග්නට් වෙලාද😡
ඒකි අහිංසක විදිහට කදුලු පුරෝගෙන ඔව් කිව්වා😥
නංගී..මං උදව් කරන්නම්..මං උබට ලස්සන ජීවිතයක් හදල දෙන්නම්..මේ අයියව විස්වාස කරල දැන් ගෙදර යන්න හොද ලමය වගේ..මේ මගෙ නම්බර් එක
078&*6$$*-= හෙට උදේම එන්න අපි යමු ඩොක්ටර් කෙනෙක් ලගට..
✍️________________❣️_________________✍️
ගෙදර ගිහින් වොශ් දාල එහෙම නිදාගන්න හදනකොටම කෝල් එකක් ආවා.
සුදු නෝනා මගෙ ෆෝන් එක බලන්න...
මගෙ වයිෆ් ප්‍රාර්තනා..එයාට හංගන්න තරම් දෙයක් නොතිබ්බ නිසාම මං එහෙම කියල නිදගත්තා..
අද උදේම යනවද🙄
ඔව් සුදු නෝනා😐
ඊයේ රෑ ගැනු ලමයෙක් කතා කලා මං හිතන්නෙ වැරදිලා වෙන්න ඇති..
එහෙම වෙන්න ඇති මැණික..මං ගිහින් එන්නම්..
✍️______________❣️__________________✍️
මං ඊයෙ චැනල් චැනල් කරපු ඩොක්ටර් ළගට අයේෂ්ම එක්ක ගියා...
මල්ලී...කෝ අයියා😐
ආ...ප්‍රාර්තනා අක්කේ..ඇයි ඔයාට අසනීපයි කියල අයිය උදේ කඩේට ඇවිත් කියල ගියෙ බේත් ගන්න යනව කියල🙄
අහ්....ඔව් මල්ලි..අයිය එන්න පරක්කු නිසා බැලුවෙ.තවත් මොකක් හරි වැඩක් ඇති..මං යන්නම් එහෙනම්.. දැනුන ලැජ්ජාව නිසාම මං එහෙම කියල එතනින් ආවා...
එහෙම ඇවිත් මං ගියෙ හොස්පිටල් එකට..මං ඇතුල් වෙනකොටම දැක්ක සහස් තවත් කෙල්ලෙක් එක්ක මදර්ස් රූම් එක ලග පෝලිමේ ඉන්නවා💔
ම..මහත්තයො ....අද උදේම ආවෙ මේකටද😡 කියන්න ඇයි මට මෙහෙම කරේ..
සුදු නෝනා....
කටවහනවා..ඔය කටින් ආයෙ මට සුදු නෝන කියන් එන්න එපා.උබෙයි මගෙයි අවුරුදු විස්සක ආදරේ,විස්වාසෙ අදින් ඉවරයි..
ඔහොම කියන්න එපා මැණික..අපි අවුරුදු පහලොවක් තිස්සෙ ආදරේ කරල නේද මැරි කලේ..එච්චර ලගින් හිටපු මාව අවිස්වාසද..
අවුරුදු සීයක් ලගින් හිටියත් උබ මේ මගෙ ඇස් ඉස්සරහම කරන දේවල් විස්වාස කරන්න කියලද කියන්නෙ..
එහෙම කියල හොස්පිටල් එකේ හැමෝම ඉස්සරහ ප්‍රාර්තනා මට කම්මුල් පාරකුත් ගහල එතනින් ආවා😞
ප්‍රාර්තනා පස්සෙන් යන්න ඕනෙ වුණත් මේ කෙල්ලව මෙතන දාල යන්න බැරි නිසාම ඩොක්ටර් හම්බෙලාම යන්න මං නැවතුනා.
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
අ....අ....මං ඩොක්ටර් චැනල් කරල ගෙදර යන්නම්..අයිය ගිහින් අක්කව බලන්න..ප්ලීස් මං නිසා නේද මේ හැමදේම මට සමාවෙන්න
කටවහගෙන ඉන්න..ඊලගට අපිට ඩොක්ටර් ගාවට ගිහෑකි..
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
ඩොක්ටර් මෙ මගෙ නංගි,
නංගි කිව්වෙ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ද,
නෑ ඩොක්ටර් මගේම නංගි..අම්මයි අප්පච්චි නැ අපේ..මෙයාට පොඩි කරදරයක් 😞
ඕකේ මිස්ටර් සහස් අයි කැන් අන්ඩ්ර්ස්ටෑන්ඩ්...ඩෝන්ට් වොරි..
අපි චෙක් කරමු...
ඩොක්ටර් චෙක් කරල කිව්වෙ අයේෂ්ම ප්‍රෙග්නට් නෑ කියල..ඒ වගේම ඩොක්ටර් කිව්ව වර්ජින් එක හදන්න පුලුවන් කියලත්..
මං ඒ හැමදේටම සල්ලි බැදල දිනයක් දාගෙන අයෙෂ්ම එක්ක ආවා..එයාව ටවුන් එකෙන් දාල මං කෙලින්ම ගියෙ ගෙදරට.
සුදු නෝනා කොහෙ යන්නද මේ😐
කොහෙ යන්නද...තවත් මට උබ වගේ මිනිහෙක් එක්ක ඉන්නද කියන්නේ..තව තත්පරයක්වත් උබත් එක්ක මේ වහලෙ යට මං ඉන්නෙ නෑ...මට ඩිවෝස් එක ඕනෙ😡💔
ඇත්තටම මගෙ පපුව හිර වුණා වගේ..ප්‍රාර්තනා මගෙ පණ.මං ආදරේ තරම්..ස්කෝලෙ කාලෙ ඉදන්ම ආදරේ කරල අපි මැරි කලේ අද වෙනකම් උබ කියලවත් කතා නොකරපු මගෙ කෙල්ල අද මට සලකන විදිහ😞
සුදු නෝනා මේ අහන්න...
මං අයේෂ්මට වුණ හැමදේම අකුරක් නෑර ප්‍රාර්තනාට විස්තර කරල කිව්වා..මං හැදුවෙ උදව් කරන්න..මගෙ ආදරේ නොදන්නව වගේ ඔහොම හැසිරෙන්න එපා මගෙ රත්තරං ...
උදව්...උදව් නෙවේ ඒකිට එහෙම උනේ තමුන්ගෙන් ඒක හන්ගන්නයි තමුසෙ ගියෙ..මගෙ ඇස් දෙකෙන් දැකපුව මට අවිස්වාස කරන්නද තමුසෙ කියන්නෙ.අයින් වෙනව ඔතනින්..
මාවත් තල්ලු කරන් ප්‍රාර්තනා ඇදුම් බෑග් එකත් අරන් ගෙදර ගියා...මොන තරම් වැද වැටුනත් එයාව නතර කරගන්න මට බැරි වුණා..
✍️________________❣️_________________✍️
මේ අතරෙ අයේෂ්මගෙ චැනලින් වල දින හරි නිසා අයේෂ්ම එක්ක මං හොස්පිටල් ගියා..එයාගෙ වැඩ ඔක්කම ඉවර වෙලා මං එයාව ටවුන් එකෙන් දාල එන්න හදනකොටම....
සහස් අයියේ ....ඔයාට ගොඩක් පිං..
දැන්වත් හොදට ඉන්න නංගියෝ.හොදට ඉගෙන ගෙන හොද තනකට එන්න..මං යන්නම්...
එහෙම කියනකොටම අයේෂ්ම මගෙ කකුල් දෙල අල්ල වැන්දා..
අයිය බුදුවෙන්න ඕනේ..මට මේ ජීවිතේ දුන්නට...
හරි..දැන් ගෙදර යන්න පරිස්සමට ...
අයේෂ්මව දාල මං එන්න හදනකොටම එතනට ආවෙ ප්‍රාර්තනා ...
✍️________________❣️________________✍️
උදව් කරල ඉවරද😂😂😂😂
එහෙම කියල ප්‍රාර්තනා හයියෙන් හිනාවුණා😥
සුදු නෝනා💔
මෙන්න ඩිවෝස් පේපර්😡 අත්සන් කරල තියෙන්නෙ.තමුසෙත් අත්සන් කරල ලෝයර්ට දෙනවා😡😡
මැණික...අනේ රත්තරං මාව තේරුම් ගන්න බැරිද ඔය තරමටම..මං එදා හිටපු සහස්මයි.ඔයාගෙ සුදු මහත්තය..
මේ මට තමුසෙගෙ බයිල වැඩක් නැ.මං යනව ඕක අත්සන් කරල ගෙනත් දෙනවා..
එහෙම කියල ප්‍රාර්තනා කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යන්න ගියා😥
✍️________________❣️_________________✍️
අදට අවුරුදු හතරක් ඩිවෝස් ෆයිල් එකට නඩු කියනවා..අද 2020.06.08 අද ඒ තීන්දුව මං දෙන්නම් මැණික උබට..මං උදේම ගියෙ උසාවියට😞 මං යනකොට මගෙ මැණික හිටියා..
සුදු නෝනා,මෙච්චර කාලෙකට මං උබ ඉල්ලපු කිසි දෙයක් නොදී ඉදල නෑ..මගෙ ආදරේ මට වඩා හොදට ඔය හිත දන්නවා.ඩිවෝස් එකට මං හා කියන්නම්.හැම වරදක්ම මගෙ පිට දාගන්නම්.රත්තරං එකක් මතක තියාගනිම්..මේ හිතේ අදත් හෙටත් උබම විතරයි මැණික.අර අපි දෙන්න හිටිය පුංචි ගෙදර ආයෙ උබ වගේ කෙනෙක් එන එකක් නෑ..මං ඉන්නම් ඒ මතක එක්ක..උදේම තේ එකක් අරන් මගෙ ඔඩුක්කුවට පැනල හුරතල් වෙන්න මගෙ පුංචි කෙල්ල එන්නෙ නෑ කියල මං දන්නවා.ඒත් මං බලන් ඉන්නව හැමදාම ඒ මතක එක්කම...මගෙ වරදක් නෑ කියල ඔප්පු කරන්න අවුරුදු ගානක් ඔය කකුල් දෙක ලගට ආව..ඒත් උබට දැන් ඕනෙ ඈත් වෙන්න..අවුරුදු විස්සක ආදර කතාව නතර කරන්න..උබේ සතුට වෙනුවෙන් ඕනෙම වේදනාවක් මට උහුලන්න පුලුවන්...යන්නම් මැණික....
මං එහෙම කියල ප්රාර්තනාගෙන් ඈත් වෙලා උසාවිය ඇතුලට ගියා...ප්‍රාර්තනා කදුලු පුරවන් මන් දිහා බලන් ඉන්නව මං දැක්ක...මොනා වුණත් දැන් එයාට මාව එපා වෙලා ඉවරයි..මේ ඈත් වෙලා හිටපු අවුරුදු හතරට එයා මට රිද්දන්න නොකරපු දෙයක් නෑ😥
💭💭💭මං මෙ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු උබම මට වැඩියෙන්ම වයිර කරනවා..ඒ හැමදේම ඉවසන් මං ඉන්නව රත්තරං..ආදරේ එක්කම මං මැරිල යයි.
✍️____________❣️නිමි❣️_____________✍️
🍁විස්වාසය තුල දෙදෙනාම තෙරුම් ගත්තනම් අදටත් ඔවුන් එකට..
🍁සහස් උදව් කරල අයේෂ්මගෙ ජීවිතේ හැදුවත් අද සහස්ට ජීවිතේ නැති වුණා..ප්‍රාර්තනාගෙ සැකය අද ඔවුන් දෙදනාව දෙතැනක තනිකලා..
🍁නමුත් සහස් හැමදාමත් ආදරේ පරිස්සම් කරන් ප්‍රාර්තනා වෙනුවෙන්ම ජීවත් වුණා..
🍁ප්‍රාර්තනා සහස්ට රිද්දන්න පුලුවන් හැම විදිහකින්ම රිද්දල පලිගත්තා...
🍁ප්‍රාර්තනාගේ සැකය නිසාම පලිහැනීමේ සීමාවක් නැති වුණා..
🍁සහස්ගෙ ආදරේ නිසාම හැමදේම ඉවසන් අදටත් ප්‍රාර්තනා වෙනුවෙන් බලන් ඉන්නවා...
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ආදරයක් ලගට සැකය ඕනෙ නැ.ඒත් විස්වාසයක් තියෙන තැනක සැකය පවතින්නෙ නෑ.ආදරේ විනාස කරන්න, හිත් වෙන් කරන්න සැකය තරම් ආයුධයක් තවත් නැ..එහෙත් මමත්,ඔබත්,අපි හැම කෙනෙක්ම තෙරුම් ගත යුත්තේ ඇස් දෙකෙන් දකින දේට වඩා තවත් ඇතුලාන්තය සොයා බලා කටයුතු කිරීමයි..තවත් ප්‍රාර්තනා කෙනෙක් නොවී සහස් වැනි මිනිසුන් ලෝකේ තනි නොකරන්න🙏ස්තූති❤️💔🤝


Lassana kathawak ❤️
ReplyDeleteIssrahat karan yanna 🙏